Wednesday, February 6, 2013

සුබසෙත සලසන මැණික් ඉගි කිහිපයක්

* ඔබගේ පරිගනකයේ අනවශ්‍ය දෝෂ මගහරවා ගෑනීමට පලිගු පොකුරක් ඒ අසලින් තබන්න.අනවශ්‍ය ශක්තීන් පලිගුවට උරා ගැනීමක් සිදුවේ.
* සිට්ට්‍රීන් මැණිකක් ඔබගේ කාර්යාලයේ හෝ කාමරයේ තබා ගැනීමෙන් ඥාණ ශක්තිය සහ අවධානය දියුනු කරගත හැක.
* දරුවා නින්දේදී හීනෙන් බයවෙනවානම් අමතිස් පොකුරක් ඇද අස්ලින් තැබීමෙන් සුව නින්දක් දරුවාට ලැබෙනු ඇත.
* නිවැසියන් අතර සමගිය සහ සහෝදරත්වය හොදින් රදවා ගැනීම පිනිස රෝස තිරිවානා ගලක් නිවසේ තබන්න.
 1.ILLAM PAN
 2.iron baskets
3.water pump
4.iron rods
5.illam rod
6.drum basket
7.drum
8.gem sorting machine
9.compressor
10.timber cross
11.saw
12.hose
13.dredging mammoth
14.axe
15.rope
16.air pump
17.plate
18.illam baskets
19.shallow mine
20.illam platform
21.dredging
22.kakilla
23.sand mammoth
1.இல்லம் நிரந்தர கணக்கு எண்
2.இரும்பு கூடைகள்
3,தண்ணீர் குழாய்
4.இரும்பு கம்பிகள்
5.இல்லம் கம்பி
6.கூடை பேரிகை
7.பேரிகை
8.மாணிக்கம் வரிசையாக்க இயந்திரம்
9.அழுத்தி
10.மரம் குறுக்கு
11.பார்த்தேன்
12.காலுறை
13.டிரெட்ஜிங் ஆகப்பெரிய
14.கோடாரி
15.கயிறு
16.காற்றை வெளியேற்றும் குழாய்
17.தட்டு
18.இல்லம் கூடைகள்
19.ஆழமற்ற என்னுடையது
20.இல்லம் தளம்
21.தூர்வாரல்
22.kakilla
23.மணல் ஆகப்பெரிய
1.ගැරුම් වට්ටිය
2.යකඩ කැට කූඩය
3.වතුර පොම්පය
4.ඉල්ලම් කූර
5.දඹර කැට කූඩය
6.දඹරය
7.ගැරුම් යන්ත්‍රය
8.කොම්ප්‍රෂර් යන්ත්‍රය
9.කතිරය
10.බන්ඩි කියත
11.වතුර බටය
12.ඇදුම් උදලු
13.පොරව
14.තේඩාව
15.හුලං පොම්පය
16.පත්ත
17.ඉල්ලම් බාල්දිය
18.උදැල්ල
19.ඉල්ලම් කූඩ
20.ගොඩ පතලය
21ඉල්ලම් පතල
22.ඇදුම් පතලය
23..කැකිල්ල
24.කොටු උදැල්ල

  • Place a Quartz cluster near your computer to absorb unwanted energies.
  • Use Citrine in your office or study to aid better concentration.
  • Place a large Amethyst cluster on the bedside table of a child who suffers nightmares.
  • Use Rose Quartz in any room to foster loving, harmonious relationships. 
  • * தேவையற்ற ஆற்றலை உறிஞ்சி உங்கள் கணினியில் உள்ள ஒரு குவார்ட்ஸ் கொத்து வைக்க.

    *     உங்கள் அலுவலகத்தில் Citrine பயன்படுத்த அல்லது நல்ல செறிவு உதவ ஆய்வு.

      *   கனவுகள் சிரமப்பட்டு வந்த குழந்தை அருகிலுள்ள மேசையிலிருக்கும் ஒரு பெரிய செவ்வந்தி கல் கொத்து வைக்க.

      *   பயன்பாடு அன்பு, இசைவிணக்கமான உறவுகளை ஊக்குவிப்பதாக எந்த அறையில் குவார்ட்ஸ் ரோஸ்.
  •  
    මැණික් පැළඳීමෙන් ලැබෙන සහනය
    “රත්න දීප” ලෙසින් ලංකාව අතීතයේ පටන්ම හඳුන්වන්නේ දුර්ලභ පාෂාණයක් වන මැණික් බහුලව ඇති බැවිනි. කොතරම් මැණික් ප‍්‍රමාණයක් අප රට සතුව පැවතිය ද අප ඉන් ගන්නා ප‍්‍රයෝජන ඉතාමත් පහළ මට්ටමක පවතී. එම වටිනා ඛණිජ සම්පතින් නිසි ඵල ලබන්නෝ විදේශිකයෝය. මැණික් කියූ පමණින්ම අප සිතට නැගෙන්නේ ඉතාමත් මිල අධික බවකි. නමුත් තමාගේ අවශ්‍යතාවට අනුව, තමාගේ වැය ශක්තියට සරිලන අයුරින් මැණික් පැළඳීමට හැකියි.රෝග පීඩාදියෙන් අත් මිදීමේ ප‍්‍රතිකාර ක‍්‍රමයක් වශයෙන් මැණික් යොදා ගන්නා බව පැවසුවහොත් ඔබ පුදුමවනු ඇති. නමුත් එය ප‍්‍රායෝගිකව සිදුකර අද වනවිට යහපත් ප‍්‍රතිඵල ද ලබාගෙන තිබේ. ප‍්‍රධාන මැණික් වර්ග කිහිපයක් මගින් සහනය ගෙන දෙන බවට විශ්වාස කරන රෝග හා රෝග ලක්ෂණ කිහිපයක් පිළිබඳ ව මෙම ලිපියෙන් ඔබට දැන ගැනීමට හැකිවේ. මෙම මැණික් උපයෝගී කර ගනිමින් රෝග සුව කිරීම ජෙම් තෙරපි   නමින් හැඳින්වෙයි.
    මැණික් කැට පැළඳීම හිතුමතයේ නොකළ යුතු අතර එමගින් අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබීමට ඉඩ ඇත. ග‍්‍රහයා හෝ ග‍්‍රහයින් කිහිප දෙනාගේ දෝෂය අනුව මැණික් කැට පළඳින අත, වම හො දකුණ ලෙස වෙනස් වෙයි. එමෙන්ම අදාල දෝෂය හා මැණික් වර්ගය අනුව මැණික සහිත මුදුව පැළඳිය යුතු ඇඟිල්ල ද වෙනස් වේ.රතු කැට දකුණත වෙදැඟිල්ලේත්, මුතුකැට වමතේ වෙදැඟිල්ලේත්, පුෂ්පරාග හෝ පඩියන් දකුණ’ත සුළැඟිල්ලේත් පැළඳිය යුතුයි. රතු කොරල්, මරකත, ඇක්‍යූමරීන්, අමතේස්ත, වෛරෝඩි ඇතුළු තවත් බොහෝ මැණික් වර්ගවල උපරිම ප‍්‍රතිඵල ලැබෙනුයේ දකුණත මැදඟිල්ලෙහි පැළැඳි විටය. පුද්ගලයකුගේ සිතිවිලි හා හැඟීම් වෙනස්වීම් වලට ලක්වීම ද මැණික්වලින් සිදුවන තවත් පුදුම සහගත දෙයකි. පුෂ්පරාග පැළැඳීමෙන් අධ්‍යාපනය හදාරන්නන්ගේ ධාරණ ශක්තිය වැඩි දියුණු වන බවත්, එමෙන්ම සමාජශීීලී බව ජනපි‍්‍රයත්වය ළඟා කර ගත හැකි බවත් පැවසේ. රතු කොරල් පැළඳීම තුළින් නිරන්තයෙන් කලහකාරී හැඟීම් මතුවන පුද්ගලයින්ට සිය හැඟීම් පාලනය කර ගැනීමට හැකිවේ. කාන්තාවන්ගේ වැඩි කැමැත්ත දිනා ඇති මුතු පැළඳීම තුළින් කාන්තා ලාලිත්‍ය ඔප් නැංවෙයි. ගෝමේද මගින් රාගික හැඟීම් මර්දනය කරයි. හදිසි අනතුරු පිළිබඳ අවදානමක් පවතින පුද්ගලයින් සඳහා වඩා සුදුසු වන්නේ කොරල්, අමතේසත, ට්‍යුකොයිස් හෝ චන්ද්‍රකාන්ත පාෂාණයි. නීතිමය ගැටළු සඳහා සාර්ථකව මුහුණදීමට අමතෙස්ත හා ඇක්‍යුමරින් උපකාරී වන බැව් පැවසේ. විනෝද කී‍්‍රඩා, තරග ආදියෙන් ජය ගැනීමට  අමතේසත හෝ චන්ද්‍රකාන්ති පාෂාණ ඉවහල් වේ.
    රතු කැට මගින් සන්ධි ඉදිමුම, අස්ථි බිඳුම්, ක්ලාන්තය, ඇදුම, උදරාශි‍්‍රත රෝග, රක්තහීනතාව, ප‍්‍රතිශ්‍යාව ආදී රෝග සඳහා සහනයක් ලැබෙන බැව් විශ්වාස කෙරෙයි. මුතු පැළැඳීමෙන් මළබද්ධය, ගර්භාෂ රෝග, අක්ෂි රෝග, අධි රුධිර පීඩනය, මානසික ආබාධ, හිසේ කැක්කුම, කුද්දෙටි ඉදිමුම ආදිය සමනය වෙතැයි පැවසෙන අතර රතු කොරල් මගින්් සමේ රෝග, සරම්ප, පාචනය, කොළරාව, අතීසාරය, අධි රුධිර පීඩනය, පැපොල සඳහා සහනයක් ලැබෙතැයි පර්යේෂකයන් පවසයි. අපස්මාරය, හිස්ටීරියාව, ඇතුළු මානසික රෝග, හිසේ කැක්කුම, අක්ෂි සහ ශ‍්‍රවණාබාධ, උදර රෝග ආදිය සඳහා මරකත හෝ ඇක්‍යුමරින් ද වාතරක්තය හා හන්දිපත් ඉදිමුම, අධි රුධිර පීඩනය, ලිංගික බෙලහීනතාව හා වඳ බව, උදරාබාධ සඳහා පුෂ්පරාග හෝ පඩියන් ද , සන්ධි ඉදිමුම, පක්ෂාගාත රෝගය,වමනය හා කරකැවිල්ල, හෘදයාබාධ, අම්ලපිත්ත රෝගය (ගෑස්ට‍්‍රයිටීස්) ඇතුළු උදරාබාධ, සිහි මඳ බව ආදියට නිල්කැට හෝ අමතෙස්ත ද, වෛරෝඩි මගින් පිළිකා, සමේ රෝග, ගර්භාෂ රෝග, ගලගණ්ඩය, මානසික අසමතුලිතතාව, වාත රෝග ආදිය සමනය වන බැව්ද පැවසෙයි.මැණික් කැට උපයෝගී කර ගැනීමෙන් රෝගාබාධ සුව කිරීම අද අපට අලුත් අත්දැකීමක් වුවද අතීත ශිෂ්ටාචාරවල අපගේ අතීතයේ පවා එවැනි දේ පැවතුණු බැව් ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ. පෙර රජ දරුවන් මැණික් කැට සඳහාර එතරම් පෙම් බැඳීමට ද එය එක් හේතුවක් වූවා නිසැකයි.

No comments:

Post a Comment

9o4vlbE-O4QbtMbyb4kvEtDc7fk