Thursday, May 31, 2012

'දැයට කිරුළ 2012' ප්‍රදර්ශණයේ විශේෂ අවස්ථා

'දැයට කිරුළ 2012' ප්‍රදර්ශණයේ විශේෂ අවස්ථා...

මැණික් පැළදීමේ විද්‍යාත්මක පැතිකඩ

  මුලු රාශි චක්‍රයම එකින් එක ග්‍රහ වස්තූන් විසින් පාලනය වෙයි.එමෙන්ම සෑම ග්‍රහයෙකුම ඒවායේ ශක්ති ප්‍රභවයන් විහිදුවා ලයි.මැණික් වලින්ද ශක්තීන් විකාශණය කිරීම සහ ශක්ති ඇද ගෑනීමක් සිදු කරයි. නොසුදුසු මැණික් පැලදීම තුලින් මිනිසාට ගුණයක් ලබා ගත නොහැක.එම නිසා  ජ්‍යොතිෂවේදියෙකුගේ නිගමනය අනුව මැණික් පැලදීම සිදුකල යුතුය.
  මැණික් විකුණා ගැනීමේ අරමුනින් සමහර වෙළදුන් හිතුමතේ මැණික් පළදින්න කියා නොයෙක් පුවත් පත් වල දැන්වීම් පළ කළද, ඒවාට නොරෑවටී දැන උගත් ජ්‍යොතිෂවේදීයෙකුගේ නිගමනය අනුව මැණික් පළදින්න.ජ්‍යොතිෂය යනු ගැඹුරු විෂයකි, මැණික්  විද්‍යාව යනු තවත් විෂයකි(ජෙමලොජී)මේ දෙකම එකට ගලපා මැණික් පැළදීම තුලින් යහපත් ප්‍රතිපළ ලබා ගත හැක.
   ජ්‍යොතිෂවේදියෙකුගේ අන්තර් ඥාණය මෙහෙයවා කෙනකුගේ ජම්ම පත්‍රයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු විසින් කෙනෙකුගේ ග්‍රහ පිහිටීම් අනුව මැණික් නිර්දේශ කරනු ලැබේ.එබැවින් කෙනෙක් පුවත් පතකට ලිපි ලියු පමනින්, රෑල්ලට හසුවී අමාරුවේ වැටෙන්න එපා.ජ්‍යොතිෂය සහ මැණික් පිලිබදව මතුපිටින් සුලු දැනුමක් ලබාගෙන හුදෙක් මුදල් පිනිසම, පත්තර වල බොළද ලිපි ලියා ජනතාව රවටන මැණික් වෙළදුන් සහ වෙළන්දියන්ට  නොරෑවටී,ඔබගේ යහපත් මනස නිසියාකාරව මෙහෙයවීමට නුවන පහල වේවායි පතමි.
  ඔබගේ කෙන්ද්‍ර හොදින් පරීක්ෂා කර විද්‍යාත්මකව පරීක්ෂා කරන ලද මැණික් අප ආයතනයෙන් ලබා ගත හැක.'පාරිභෝගිකයන්ගේ යහපත අපේ දියුනුවයි' විමසීම්,0723305365

Sunday, May 27, 2012

'දැයට කිරුළ 2012' ප්‍රදර්ශණයේ විශේෂ අවස්ථා


Highlights of the NGJA display site at the Deyata Kirula Exhibition held from 4-10 February 2012

    

     


ජනකලා මැණික් සහ ස්වර්ණාභරන ආයතනය  ජාතික මැණික් සහ ස්වර්ණාභරන අධිකාරිය හා සමගාමීව, 'දෑයට කිරුළ 2012' ප්‍රදර්ශණයේදි පැවැත්වූ ප්‍රවර්ධන වැඩ සටහනෙහි විශේෂ අවස්ථා ඈතුලත් පිංතූර මෙතනින් නරබමු.


නොකැපූ මැණික් එකතුවක්......




ඉල්ලම් ගැරුම් යන්ත්‍රය...

දැයට කිරුළ ප්‍රදර්ශණයේදි ජාතික මැණික් සහ ස්ව්ර්‍ණාභරන අධිකාරියේ නිලධාරි මහතුන් ඉල්ළම් ගැරුම් යන්ත්‍රය ක්‍රීයාත්මක කරමින්....... 









ප්‍රදර්ශණය සදහා ඉදිකරන ලද දෝනා පතලේ ආකෘතිය.....







චූඩා මාණික්‍යය









මැණික් සහ ග්‍රහයන්


අප මැණික් පැළදීමෙන් අපේක්ෂා කරනුයේ අපට බලපා ඇති  අසුභ ග්‍රාහකත්වය  සුභ ග්‍රාහකත්වයක් බවට පත් කර ගැනීමයි.ජොතිශය අනුව මිනිසාට ලැබෙන කිරන ශක්තිය හීන වීම යනු ඔහුගේ ජීව විද්‍යුත් ගුනය දුර්වල වීමයි,.එම නිසා මැණික් පැළ්දීමට   ප්‍රථම නිවැරදිව  තමන්ගේ ග්‍රහ ගති සහ ඒවා ලග්නගතවී තිබෙන ආකාරය පරික්ෂා කර සිදුකිරීම වාඩා යෝග්‍යය වේ.                  

මැණික්  සහ ග්‍රහ වස්තු අතර සම්බන්ධතාවය


    වේද ශ්‍රාස්ත්‍රය අනුව ,පිරිසිදු නිර්මල මැණික් පැළදීම තුලින් ග්‍රහ ලෝක වලින් නිකුත් වන ජීව ශක්තීන් මිනිසාගේ ශරීරයට ලාබාදෙයි, අප දන්නා ග්‍රහයන් 9 දෙනාගේම සෘජු බලපෑම මැණික් වලට ඇත.ඒවා පැළදීම තුලින් ඒ ඒ ගුනයන් මිනිස් ශරීරයට ලගාවේ.

ග්‍රහයන් සහ ඒවාට සම්බන්ධ විවිධ මැණික් වර්ග

  රවි -රතුකෑට ,                   සිකුරු -දියමන්ති/ සුදු නිල්
  චන්ද්‍ර- මුතු /චන්ද්‍රකාන්ති,    ශනි - නිල් මැණික්/ කාකනිල්
  කුජ -  රතු කොරල්,            රාහු -ගෝමේද
  බුධ  - පච්ච තෝර ,            කේතු - වෛරෝඩී
  ගුරු - පුෂ්පරග,
        ඉහත ආකාරයට එක් එක් ග්‍රහයන් හට විවිධ මැණික්  වර්ග සකස් වී ඇත්තේ  ආලෝක කිරණවල වරනාවලිය සහ මැණික්  වල වර්ණ සමතුලනය වීමෙනි.උදා;   වශයෙන් රතුකැට  වල වර්නය රතුය, රවිගේ ආලෝක කිරනයද රතු වේ,.(රතු ග්‍රහයා)  
    ජ්‍යොතිශය සහ තාරකා විද්‍යාව අනුව සොයා ගත් කරුනු අනුව සෑම ග්‍රහයෙකුටම  අදාළ වර්ණයක් තිබේ. එබැවින් ග්‍රහයන්ගේ වර්ණයට සමාන වර්ණ ඇති  ස්වභාවික මැණික් පෑලදීම තුලින් ශුභ පළ ලබා ගත හෑක මැණික් ගල් වල ගුනය  රදා පවතින්නේ එම මැණිකේ වර්ණය සහ ගලේ ස්වභාවිකත්වය මතය, එබෑවින් පලුදු සහිත අවර්ණවු මැණික් පෑලදීම නුසුදුසුය.
      සකස් කලේ;  ජනකලා මැණික් සහ ස්වර්ණාභරන ආයතනයෙහි අධ්‍යක්ෂ. බී. ඩබ්. සෝමතිලක (සරත්) විසිනි.

මිලෙන් අඩු ශ්‍රී ලංකාවේ ස්වභාවික මැණික් එකතුවක්


වෛරෝඩි මැණික්

මැණික් සහ විද්‍යාව


පුරාණයේ සිට ආසියාතිකයන් සහ සමහර බටහිර රටවල්,අප දන්නා සහ නොදන්නා ග්‍රහ ලෝක සහ ඒවා පෘතුවියේ ස්ව්භාවික වස්තු කෙරෙහි ඈති සම්බන්ධතාවය   පිලිබදව ගවේශණය කලහ. විශේෂයෙන් ග්‍රහයන්ගේ සුහ බලපෑම් මිනිසා තුලට ලබා ගෑනීම සදහා නොයෙක් පරීක්ෂණ කර ඈත.මූලිකව මේ පිලිබදව පරීක්ෂණ  පෑවෑත්වු'' මෑන්ලේ හෝල් "නෑමෑත්තා සොයා ගත්තේ,..අප වසන පෘතුවි අභයන්තරයේ පවතින භෞතික වස්තු  ග්‍රහ ලෝක සහ අනෙකුත් ආකාශ වස්තු කෙරෙහි බලපෑමක් ඈති බවය'. පෘතුවීයේ ඈති මෑණික්  ආකශ වස්තු හා නිවෑරදිව සම්බන්ධ වු විට මිනිසාගේ සාර්තකත්වය කෙරෙහි බලපායි. 
  මුලු මහත් මැණික් විද්‍යවම කල්පිතයක් වශයෙන් සොයා ගත් අතර, මිනිසාගේ විශ්ව ශක්තිය සහ කිරන බලපෑම් වල ග්‍රාහකයක් බවට පත් වෙයි.මේ සියලු කිරන ශ්ක්තින්ගේ ආනුභාවයෙන් මිනිසාගේ භොතික සහ මානසික ස්වභාවය කෙරෙහි බලපාන වග සොයා ගන්නා ලදි. 
  භු විද්‍යාත්මක කාරනා අනුව මැණික් එක්තරා ජ්‍යමිථික හෑඩයකට, ස්ථටික ආකාරයෙන් පොලොව යට පිහිටා ඈත. ස්ථටිකයක් යනු පරමානූ ඒක රාශීවී සෑදුන ඛණිජයකි.ග්‍රහ වස්තු වල බලපෑම මත මෙම ස්ථටික නිර්මානය වී ඈති බෑවින්  ඒවායේ කිරන නිරායසයෙන්  ග්‍රහ තාරකා සමග සම්බන්ධවේ.
  මැණික්  පෑලදීමෙන් ග්‍රහ වස්තු වල ෂූක්ෂම බලපෑමක් මිනිසාගේ ශරිරයට මෙන්ම මනසටද ඈති කරයි.  මැණික් අපගේ ශරිරයේ ස්පර්ෂ වීම  හේතුවෙන් ශෛල තුල කිසියම් චුම්බක ශක්තියක් ඈති කරයි. මෙවෑනි ශක්තීන් ග්‍රහයන්ගේ විද්යුත් කිරන හා සම්බන් වන බව සොයා ගෙන ඈත.  

මැණික් වල ගුණ අගුණ පිළිබදව සත්‍යය සොයමු.


තම සෞඛ්‍යය සහ සමෞධිය සදහා මැණික් පැළදීම තුලින් කෙනෙකුට එමගින් පරම ප්‍රථිපල ලබා ගත හැක.මැණික් වල ඇති ජීව රසායනික ගුනය හේතුවෙන් විශ්වයේ පවතින ග්‍රහ වස්තුවල ධනාත්මක සහ ස;නාත්මක ස්පන්දන ශක්තිය වැඩි දියුනු කරන බව ජොතිශය මතයක් බවට පත්වී ඇත. මේ මගින් කෙනෙකුගේ මානසික සහනය සමග සාර්ථක ජීවිතයක් සදහා මග පාදයි.
 තවත් මතයක් වන්නේ මුලු ලෝකයම නොයෙක් ඛණිජ වර්ග (විශෙෂයෙන් මැණික්) වලින් සමන්විතව පවතින බවය. ශත  වර්ෂ ගානක් මුලුල්ලේ මැණික් යොදා ආභරන පෑලදූ බවට ශාස්ත්‍රීය ග්‍රන්ථ අපට කරුනු අනාවර්නය කරයි. මැණික් තුල පවතින ජීව රසායනික ගුනය තුලින් ග්‍රහ බලපෑම් අවම කරන බව අරාබි සහ ආසියාතිකයන් විශ්වාශ කලහ. විවිධ මැණික් වර්ග ව්ලින්න  අපට ලෑබෙන්නේ විවිධ ශක්ති ප්‍රභවයන්ය. මැණික් පැළ්දීම තුලින් මිනිසාගේ මානව ශක්තිය වර්ධනය විම තුලින් කෙනෙකුගේ අවදි භාවය වැඩි කරයි.
                             නිල්ආර්නූල් මැණික

ශ්‍රී ලංකාවේ මැණික් වතගොත.



  පුරාණයේ සිට ශ්‍රි ලංකාවේ මැණික් වෙළඳුන් අතර ආවේණික වචන මාලාවක් ඇත, ඒවායින් වැදගත්යයි  සැළකෙන වචන කිහිපයක්  පහතින් දක්වමි.
  මැණික් පොල,  දලම්, තෝර ලොට්,  නිල් කැට ,  රතු කැට ,  පද්මරාග, පද්මරාජ,  රබහා,  ගෝමේද,  පදියම්,  පලිගු,  අබතෙස්,  පච්ච පදියම්, කිරිංචි  ,  තෝරමල්ලි;  කනක, .වයිරෝඩි,  ආර්නූල්, ජාතිගල්, පජාතිගල්,මුර වාඩිය, නාම්ඹුව, ඔට්ටු,  පාෂාණම,  පතල් වාඩිය,  කට්ට, කෝවංගුව, මාලාව, මෑස්ස,  ඉල්ලම් කූර,  ඉල්ලම,  හනපෝරුව, ගොඩ ඉල්ලම,  ගෙව්ඩ,  දෝනාව,  දලන්,   කිරි මෑටි මාලාව, දුම් ගෙව්ඩ,  ආදි වශයෙන් භාවිත වේ.


  ශ්‍රි ලංකාව යනු මැණික්  සදහා ලොව සුප්‍රසිද්ඩ රටකි.මැණික්  පිලිබදව අපේ වෙලදුන් බොහෝ දෑ දෑන තිබුනත් විදෙශිකයන් අපට වඩා අප රටේ ස්ව්භාවික සම්පත් ගෑන අවබෝදය ලභා ඈත.අන්තර්ජාලය පරිශිලනයේදි මා ලෑබූ අත්දෑකීම් අනුව බොහෝ වටිනා මැණික්  නොදන්නා කමින් සුලු මුදලට විදෙශයට අලෙවි  කරනු ලබයි, මෙයින් අපට විශාල විදෙශ විනිමයක් අහිමි විය හෑකි නිසා, සියලු ශ්‍රී ලාංකියකුටම ස්වභාවික සම්පතක් වන මැණික් පිලිබදව යම් කිසි හෝ දැනුමක්  තිබ්ම වැදගත්  වේ.,යහසාධකයක් වශයෙන් අප ආයතන මෙම වෙබ් අඩවිය ඔස්සෙ ශ්‍රි ලාංකික ඔබ අප සෑම දෙනා මව්බිමේ මැණික් සම්පත පිලිබදව සුලු හෝ අවබෝදයක් ගනු ඇතැයි මා විශ්වාශ  කරමි.බෑවින් අප වෙබ් අඩවිය කියවීමෙන් පසු ඔබ සැමගේ  ප්‍රතිචාර අප වෙත යොමු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි .
ඔබේ අදහස් එවන්න,,

මැණික් පතල් කර්මාන්තය...

ඌව වෙල්ලස්ස සරසවිය මගින් සකසන ලද මෙම විඩියෝව මැණික් හා පතල් කර්මාන්තය පිලිබදවයි...




Thursday, May 24, 2012

ශ්‍රී ලංකාවේ මැණික්



ශ්‍රි ලංකාවේ නිල් මැණික්
    ලොකයේ වෙනත් කිසිම තැනකින් ලබාගත් නිල් මැණිකක් ශ්‍රී ලංකවේ නිල් වලට සමකල නොහැක.කැරට් 536(කැරට් 5ක්= 1ග්‍රෑම්)ක් පමන බරැති ලෝකයේ විශාලතම නිල් මැණික ස්ටාර් ඔෆ් ඉංදියා වේ,නමුත් එහි නිවැරදි තත්වය එය" ස්ටර් ඔෆ් ශ්‍රී ලංකා"ය.
    ශ්‍රි ලංකාවෙන් හමුවූ කැරට් 392ක් බර නිල් ආර්නූල් මැණික මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය සතුව තිබේ.තවද කැරට් 105ක් බර  ලෝකයේ විශාලතම  වෛරෝඩිය ශ්‍රී ලංකාව සතුව තිබීම අපට ආඩම්බරයකි.ශ්‍රි ලංකාවේ නිල් මැණිකක්  එබ්බවු මුද්දක් චාල්ස් කුමරු විසින් ඩයනා කුමරියගේ ඇගිල්ලේ පලදවන ලදි.

Monday, May 7, 2012


දිවයිනේ ලොකුම නිල් මැණික් ඉල්ලම පිලිබදව ස්වාධීන රූපවාහිනී පුවත්......


අපේ රටේ මැණික් ගැන විදේශිකයන්ගේ උනන්දුව.....
      










Thursday, May 3, 2012


ශ්‍රිර්‍ ලාංකීය මෑණික් සදහා වයඹ පුරවරයෙ ප්‍රචලිත නාමය ජනකලා මෑණික් සහ ස්වණාභරණ අ0ක ,50 වයඹ ජනකලා කෙන්ද්‍රය,      නුවර පර;කුරුණෑගල   දුර.ක. 0723 305 365

Wednesday, May 2, 2012

                               e.mail. janakalamenik@gmail.com

                               tel. 0723 305 365              

9o4vlbE-O4QbtMbyb4kvEtDc7fk