Sunday, May 27, 2012

මැණික් සහ ග්‍රහයන්


අප මැණික් පැළදීමෙන් අපේක්ෂා කරනුයේ අපට බලපා ඇති  අසුභ ග්‍රාහකත්වය  සුභ ග්‍රාහකත්වයක් බවට පත් කර ගැනීමයි.ජොතිශය අනුව මිනිසාට ලැබෙන කිරන ශක්තිය හීන වීම යනු ඔහුගේ ජීව විද්‍යුත් ගුනය දුර්වල වීමයි,.එම නිසා මැණික් පැළ්දීමට   ප්‍රථම නිවැරදිව  තමන්ගේ ග්‍රහ ගති සහ ඒවා ලග්නගතවී තිබෙන ආකාරය පරික්ෂා කර සිදුකිරීම වාඩා යෝග්‍යය වේ.                  

මැණික්  සහ ග්‍රහ වස්තු අතර සම්බන්ධතාවය


    වේද ශ්‍රාස්ත්‍රය අනුව ,පිරිසිදු නිර්මල මැණික් පැළදීම තුලින් ග්‍රහ ලෝක වලින් නිකුත් වන ජීව ශක්තීන් මිනිසාගේ ශරීරයට ලාබාදෙයි, අප දන්නා ග්‍රහයන් 9 දෙනාගේම සෘජු බලපෑම මැණික් වලට ඇත.ඒවා පැළදීම තුලින් ඒ ඒ ගුනයන් මිනිස් ශරීරයට ලගාවේ.

ග්‍රහයන් සහ ඒවාට සම්බන්ධ විවිධ මැණික් වර්ග

  රවි -රතුකෑට ,                   සිකුරු -දියමන්ති/ සුදු නිල්
  චන්ද්‍ර- මුතු /චන්ද්‍රකාන්ති,    ශනි - නිල් මැණික්/ කාකනිල්
  කුජ -  රතු කොරල්,            රාහු -ගෝමේද
  බුධ  - පච්ච තෝර ,            කේතු - වෛරෝඩී
  ගුරු - පුෂ්පරග,
        ඉහත ආකාරයට එක් එක් ග්‍රහයන් හට විවිධ මැණික්  වර්ග සකස් වී ඇත්තේ  ආලෝක කිරණවල වරනාවලිය සහ මැණික්  වල වර්ණ සමතුලනය වීමෙනි.උදා;   වශයෙන් රතුකැට  වල වර්නය රතුය, රවිගේ ආලෝක කිරනයද රතු වේ,.(රතු ග්‍රහයා)  
    ජ්‍යොතිශය සහ තාරකා විද්‍යාව අනුව සොයා ගත් කරුනු අනුව සෑම ග්‍රහයෙකුටම  අදාළ වර්ණයක් තිබේ. එබැවින් ග්‍රහයන්ගේ වර්ණයට සමාන වර්ණ ඇති  ස්වභාවික මැණික් පෑලදීම තුලින් ශුභ පළ ලබා ගත හෑක මැණික් ගල් වල ගුනය  රදා පවතින්නේ එම මැණිකේ වර්ණය සහ ගලේ ස්වභාවිකත්වය මතය, එබෑවින් පලුදු සහිත අවර්ණවු මැණික් පෑලදීම නුසුදුසුය.
      සකස් කලේ;  ජනකලා මැණික් සහ ස්වර්ණාභරන ආයතනයෙහි අධ්‍යක්ෂ. බී. ඩබ්. සෝමතිලක (සරත්) විසිනි.

No comments:

Post a Comment

9o4vlbE-O4QbtMbyb4kvEtDc7fk