Sunday, June 3, 2012


   ශ්‍රී ලංකාවේ මැණික් වර්ග 

ශ්‍රි ලංකාවේ මණික් පතල් වල විශේෂත්වයනම් එහි විවිධ වර්ග වල මැණික් එකතුවක් එකම තැනකින් හමුවීමයි.නිල්,රතු,වෛරෝඩි,පසිංගල්,ආර්නූල් සහ වෙනත් අඩ අනගි මැණික් වර්ග එකම පතළකින් ලැබේ.ලෝකයේ දුර්ළභ මැණික් වන පසිංගල් ලැබෙන ප්‍රධාන රට ශ්‍රී ලංකාවයි.මෙම මැණික් මුලින්ම රුසියාවේ 'සුරල්' කදු වැටියෙන්1830 පමන හමුවිය.එය 2වන ඇලෙක්සැන්ඩර් රජුගේ නමින්'ඇලෙක්සැන්ඩ්‍රයිට්'යයි නමින් නම් කරන ලදි.
වෛරෝඩි තවත් දුර්ළභ ගනයේ මැණික් ගලකි.එහි රිදීමය රෙඛාවක් ගලෙහි එක් පැත්තක සිට අනෙක් පත්ත දක්වා දිස්වෙයි.මෙම ස්ව්භාවය'චැටෝයන්සි'යන නමින් හදුන්වයි,එය ප්‍රංශ භාෂාවේ 'චැට්'යන බළලාට කියන නමවේ.
නිල් සහ කොරන්ඩම් පව්ලේ වැදගත් මැණික් විශේෂයි.ශ්‍රි ලංකාවේ නිල් මැණික් සදහා ලෝකයේ විශාල ඉල්ලුමක් පවතී.මෙම මැණික් වල ෂූක්ශම සිල්ක් ගතියෙන් යුත් රෙඛා 6ක් හෝ කලාතුරකින් රෙඛා 12ක් දිස්වෙයි, ඒවා රතු හෝ නිල් ආර්නූල් නමින් හැදින්වේ.
ශ්‍රි ලංකවේ මැණික් වර්ග ප්‍රධාන වශයෙන් 17ක් පමනවේ.මින් සමහරක් වර්ග වලින් තවත් අනුවර්ග විශාළ ප්‍රමාණයක් සෑදේ.ශ්‍රි ලංකාවේ භුමි ප්‍රමාණය ව. සැ.25,000ක් පමණවේ.ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක මෙවැනි කුඩා ප්‍රදේශයක් තුළ මෙතරම් විශාළ මැණික් ප්‍රමාණයක් නොලැබේ.එම නිසා මැණික් ශ්‍රි ලංකාවේ ප්‍රාණ වායුව වශයෙන් සැළකේ.
කණක-වෛරෝඩි,පසිංගල්,පසිංගල් වෛරෝඩි
කිරිංචි-නිල්,රතු,දම් පාට කිරිංචි
ජාගුන්-කොළ,කහ,දුඹුරු,අවර්ණ ජාගුන්
රබහා-රොඩලයිට්,ගෝමේද,මල් රබහා,කහට රබහා
තරිප්පු-ඇක්ව්මැරින්,හෙලියඩොර්
පළිගු-කහට පළිගු,සුදු,අමතෙස්,මධු වෛරෝඩි
තෝරමල්ලි-මාංගු තෝරමල්ලි,ගිනිබොකුතෝර
ෆෙල්ඩ්ස්පාර්-පූනක්කම්
මේ හැර ඇන්ඩෘසයිඩ්,කොනෘරෑපීන්,විවිධ වරග අගස්ථි සහ දුර්ළබ ගනයේ සිංහලයිට්,අයොලයිට්,ඉංඩිගෝලයිට්, ෆයිබ්‍රොලයිට්, ටාෆයිට්,ඒකනයිට් සහ කිරිංචි වෛරෝඩි ආදිය ශ්‍රී ලංකා භූමියෙන් හමුවේ.

සටහන-ජනකලා මැණික් ආයතයේ බි.ඩබ්.සෝමතිලක.


Friday, June 1, 2012


ජනකලා මැණික් සහ ස්වර්ණාභරණ

වයඹ ජනකලා කේන්ද්‍රය,නුවර පාර,
කුරුණෑගල.(ජාතික මැණික් සහ සවර්ණාභරණ අධිකාරියේ අනුමතයී)

ග්‍රහ අපල සදහා මැණික්

ඔඹට අවශ්‍ය සියලුම වර්ගවල ස්වභාවික මැණික් ඉතා සාධාරන මිලට අපෙන් මිලදී ගත හැක.මැණික් සදහා ජය්‍යාතන්තරව පිලිගනු ලබන සහතිකය අවශ්‍යනම් ලබාගත හැක.
ඔබගේ මැණික් අවශ්‍යතාවයට අවංකව කැපවී සිටින අප වසර 20 ක පලපුරුද්ද තුලින් පාරිභෝගික විශ්වාසය දිනා සිටී.මෙම වසරේ සිට ආරම්භ කරන ලද අපගේ නව වෙබ් අඩවිය හරහා මැණික් පිලිබදව ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබා ගත හැක.ඔබගේ ගැටලු යොමු කරන්න.e.mail; janakalamenik@gmail.com    tel.0723305365
9o4vlbE-O4QbtMbyb4kvEtDc7fk