Showing posts with label sri lankan gems. Show all posts

Sunday, December 23, 2012
Friday, June 29, 2012
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය.
මැණික් යන්න අපගේ කන වැකුණු සැණින් මතකයට නැගෙනුයේ සබරගමුව පළාතේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයයි. රත්නපුර නාමය ප්‍රභවය වන්නේ ද එම ප්‍රදේශය මැණික් පුරවරයක් වූ බැවිනි. රත්නපුර දිස්‌ත්‍රික්‌කය හැරුණු විට තවත් ප්‍රදේශ රාශියකින් මැණික් උපදින බව මේ වන විට නොරහසකි. ඒ පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ 70 දශකයෙන් පසුවය. අවිස්‌සාවේල්ල, අකුරැස්‌ස. බළංගොඩ මැණික් ත්‍රිකෝණය ලෙසට ද හඳුනාගෙන තිබේ. ලංකාවේ මුළු භූමි භාගයෙන් 20% ක පමණ මැණික් සහිත ඉල්ලම ව්‍යාප්තව පවතී. ලෝකයේ මැණික් ලැබෙන අනිකුත් රටවල් දෙස බැලීමේදී එය ඉතාමත් ඉහළ ප්‍රතිශතයකි. වර්තමානයේ මෙම කර්මාන්තය මගින් විශාල රැකී රක්‍ෂා ප්‍රමාණයක් උත්පාදනය කර ඇතිවාක් මෙන්ම රටට ලැබෙන විදේශ විනිමය ද රටේ සංවර්ධනයට මනා පිටිවහලක් ලබා දෙයි. මෙම කර්මාන්තය රටේ ආර්ථිකයට කොතරම් ශක්‌තියක් දැයි ඒ සම්බන්ධව පිහිටුවා ඇති රාජ්‍ය ආයතන දෙස බැලීමේදී පැහැදිලි වෙයි. ලක් පොළෝ ගැබින් ලැබුණු ලෝකයේ විශිෂ්ටතම මැණික් කීපයක් ද මේ වන විටත් ලක් මාතාවට විශාල කීර්ති කදම්බයක් ලබාදී අවසානය. ඒ නිසා මැණික් තරම් වටිනා නාමයක් ලංකාව ලෝකයට මේ වන විටත් එක්‌කොට හමාරය.
ලංකාවේ මැණික් කර්මාන්තය අද පමණක් නොව ඈත අතීතයේදී ද පැවතුන බවට ඓතිහාසික සාධක මගින් හඳුනා ගත හැකි ය. ප්‍රධාන අපනයන භාණ්‌ඩයක් ලෙසට එය ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත. එසේම රාජකීය භාණ්‌ඩාගාරවල මෙන්ම ආගමික මධ්‍යස්‌ථානවල ද ඒකරාශී කිරීම විසිතුරු ආභරණ ලෙස පැළඳීම රජුන් හා ප්‍රභූන්a අතර හුවමාරු කර ගැනීම, භාර හාර, යාගහෝම කටයුතු සඳහා භාවිත කිරීම බහුලව සිදුකර තිබේ. එම නිසා මැණික් භාවිතය විවිධාකාර අයුරින් හඳුනා ගත හැකිය. මෙම ලිපියේ අරමුණ මැණික් කර්මාන්තය සම්බන්ධ එම පැරැණි තොරතුරු හඳුනා ගැනීමයි.
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අදින් වසර එක්‌ලක්‍ෂ විසිපන්දහසක් 125000 තරම් පැරැණි යුගයට අයත් වන බවට මේ වන විටත් තොරතුරු සොයාගෙන අවසානය. එම පැරැණි මානවයා පිළිබඳ සාධක බූන්දල, පතිරාජවෙල, මිනිහාගල්කන්ද, පාහියන්ගල, කුරුවිට බටදොඹලෙන, කෑගල්ල අළුලෙන, මානියංගම බෙලිලෙන, රාවණාඇල්ල, අලවල පොත්ගුල්ලෙන, දොරවක, බෙල්ලන්බැඳිපැලැස්‌ස ආදී එළිමහන් හා ලෙන් වාසස්‌ථානවලින් විශාල තොරතුරු ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. මෙම යුගයේ ජීවත් වූ මානවයන් ආයුධ නිර්මාණය සඳහා බහුලව භාවිත කර ඇති මාධ්‍ය අතුරින් තිරුවානාවලට ලැබෙනුවේ ප්‍රමුඛ ස්‌ථානයකි. තිරුවානා යනු මැණික් මෙන් නොවටිනා එහෙත් මැණික් ආශ්‍රිතව ඇති ඛනිජයකි.
තිරුවානා වර්ග ද කිහිපයක් ඇති බැවින් ප්‍රාග් ඓතිහාසික මානවයන් තම ආයුධ තැනීමට බහුලව ලබාගෙන ඇත්තේ පැහැදිලි තිරුවානාය. ඒ මගින් තියුණු ආයුධ නිර්මාණයට ඔවුන් දක්‍ෂයන් ය. ප්‍රාග් ඓතිහාසික ගුහා කැණීම්වලින් ලැබුණු ආයුධ දෙස බැලීමේදී මේ බව තවදුරටත් තහවුරු කර ගත හැකිය. එම තිරුවානා ප්‍රාග් ඓතිහාසික මානවයන් ලබා ගෙන ඇත්තේ ඇළ පාරවල් හා දොළ පාරවල් ආශ්‍රයෙන් ය. ඔවුන් මැණික් භාවිත නොකළ ද, (ඉදිරියේදී සිදු කරනු ලබන ප්‍රාග් ඓතිහාසික කැණීම් මගින් මැණික් හමුවීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ ආශ්‍රිතව ඇති තිරුවානා ආයුධ නිර්මාණය සඳහා භාවිත කර තිබේ.) රත්නපුරය අවට පැරැණි ලෙන් වාසස්‌ථාන වල මේ අනුව මැණික් තිබීමට බොහෝ දුරට ඉඩ තිබේ.
ලංකාවේ යකඩ යුගයේ මෙගලිතික සංස්‌කෘතිය මගින් අර්ධ මාණික්‍ය (semi gems) භාවිත කර ඇති බවට තොරතුරු ලැබේ. ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය කැනීමෙන් කානීලියන් හා ඇගේට් වලින් කරන ලද පබළු මාලයක් හමු වී තිබේ. මෙම කානීලියන් සහ ඇගේට් ඉන්දියාවෙන් ලබාගත් බවට අනුමාන කරයි.
ඉන් පසුව එළඹෙන ඓතිහාසික යුගයේදී ලංකාවේ මැණික් භාවිතය පිළිබඳව තොරතුරු රාශියක් හමුවෙයි. දිව්‍යාවදානය හා මණිමේඛලායි කෘතීන්ට අනුව ලංකාව හඳුන්වා ඇත්තේ රත්නදීපය යනුවෙනි. එහි තේරුම මැණික් උපදින දිවයින යන්නයි. එසේම බුදුරජාණන් වහන්සේ දෙවන වර ලංකාවට වැඩම කරන්නේ මැණික් පුටුවක් සම්බන්ධව සිදු වූ අරගලයක් සංසිඳුවීම සඳහා ය. ඒ චූලෝදර, මහෝදර යන නා රජුන් අතර මැණික් එබ්බ වූ පුටුවක් අරභයා වූ සටනක් හේතුවෙනි. බෞද්ධ සාහිත්‍යයේ තවදුරටත් මැණික් සම්බන්ධ වූ විවිධ සිදුවීම් හඳුනාගත හැකිය.
මහා භාරතේ එන සිදුවීමකට අනුව ලංකාවේ රජු වූ විභීෂණ විසින් යුධීෂ්ධීර රාජයාට පුද පඬුරු වශයෙන් ඉතා වටිනා මුතු මැණික් රාශියක් යවා තිබේ.
මහා වංශයට අනුව විජය රජුට ඉන්දියාවේ මධුරාපුරයෙන් කුමාරියක් ගෙන්වා ගැනීමේදී අගනා මුතු මැණික් තුටු පඬුරු වශයෙන් යවා තිබේ. එසේම දේවානම්පියතිස්‌ස රජු ද අශෝක රජතුමා වෙත ඉන්ද්‍රනීල, වෛදුර්ය, රතුකැට වැනි විවිධ වර්ගවල මැණික් තුටු පඬුරු වශයෙන් යවා තිබේ. මේ අනුව ලංකා ඉතිහාසයේ මුල් යුගයේ පටන් මැණික් රාජකීයන්ගේ විවිධ කටයුතු සඳහා භාවිත කරන ලද බවට තොරතුරු හමුවෙයි. විශේෂයෙන් ම ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සැරසීමට හා භාණ්‌ඩාගාරවල ද මැණික් බහුලව තිබෙන්නට ඇත. ක්‍රි. ව. 4 වැනි සියවසේ ලංකාවට පැමිණෙන ෆාහියන් භික්‍ෂුව විසින් ලංකාවේ මැණික් පිළිබඳව තොරතුරු රාශියක් සඳහන් කර තිබේ. උන්වහන්සේ ලංකාවේ දුටු මැණික් එබ්බවූ බුදු පිළිම, මැණික් වලින් අලංකාර කරන ලද දළදා මාලිගය ආදී තොරතුරු පිළිබඳව සඳහන් කරයි. හියුං සියැං හිමිගේ වාර්තාවල ද මැණික් භාවිතය පිළිබඳ තොරතුරු සඳහන් වේ. මේ හැරුණු විට ලංකාවේ ශිලා ලේඛන වලද මැණික් පිළිබඳව විවිධ තොරතුරු සඳහන් වේ. දෙවන සිරිනාග රජුගේ වෙස්‌සගිරි ශිලා ලිපියේ මැණික්‌කරුවන්ගේ ගමක් පිළිබඳව (මණිකාරග්‍රාම) තොරතුරු සඳහන් වේ.
එම ලිපියට අනුව මණිකාර යනුවෙන් සඳහන් කර ඇත්තේ මැණික් කපන්නා යන්නයි. මෙයට අමතරව මැණික් සම්බන්ධ වූ විවිධ උපමාවලින් ශිලා ලේඛන රාශියකම හඳුනාගත හැකිය. සීගිරි කුරුටු ගී වලද මැණික් වලින් සැදූ අංකුස (මිණි අකුසු) මාණික්‍ය කාන්තිය (මිණි කැල්ල) මැණික් එබ්බ වූ කුණ්‌ඩලාභරණ (මිණි කොඩුළු) මිණි පහන් (මිණි විට්) ආදී සඳහන් හඳුනාගත හැකිය.
පුරාණ රජවරුන් තම ඇඳුම් පැළඳුම් අලංකාරවත් කර ගැනීම සඳහා මැණික් බහුල වශයෙන් භාවිත කර තිබේ. රජුන්ගේ සිව් සැට ආභරණවලින් වැඩි ප්‍රමාණයක් මැණික් වලින් අලංකෘත වී ඇත. ඒ අතර ඔටුන්නට ලැබෙනුයේ සුවිශේෂ ස්‌ථානයකි. ඒ නිසා ලංකාවේ සෑම රජ කෙනෙක්‌ම තම ඔටුන්නට මැණික් එබ්බ වූ බව නම් කිසිම සැකයක් නැත. ලංකාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්න ද වර්තමානයේ අපට විද්‍යමාන වන එයට හොඳම උදාහරණයකි. දෙවන රාජසිංහ, විමලධර්මසූරිය ආදී රජුන්ගේ මැණික් වලින් අලංකෘත ඔටුනු පිළිබඳ තොරතුරු සුලභය. සීගිරි සිතුවම් මගින් අපට පැහැදිලි වන්නේ අතීතයේ කාන්තාවන් මැණික් ආභරණයක් ලෙසට භාවිත කර ඇති බවයි. එසේම සීගිරියෙන් හමු වූ මැණික් එබ්බ වූ කුණ්‌ඩලාභරණය අතීතයේ මැණික් භාවිතය පිළිබඳ අපට ඇති හොඳම උදාහරණයකි. මෙම කුණ්‌ඩලාභරණයට විවිධ මැණික් ගල් 15 පමණ අල්ලා තිබෙන්නට ඇති අතර එයින් කිහිපයක් දැනටත් ඉතිරිව පවතී.
රත්නපුරයේ සමන් දේවාලය ද ඉදිවන්නේ මැණික් සඳහා වූ භාරයක් හේතුවෙනි. දඹදෙණිය යුගයේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ඇමැතියකු වූ ආර්යකාමදේවයන් තම රජුගේ ඇරයුමක් පරිදි රත්නපුරයට පැමිණෙනුයේ මැණික් ගැරීම සඳහා ය. එහිදී ඔහු තම අරමුණ ඉටු වුවහොත් සුමන සමන් දෙවියන් වෙනුවෙන් දේවාලයක් තනන බවට බාර වී තිබේ. ඔහුගේ අරමුණ ඉටු වීමෙන් පසු තම භාරය ඔප්පු කරනු වස් සමන් දේවාලය එම භූමියේ ගොඩ නංවා ඇත. මේ නිසා එම යුගයේදී මැණික් ගැරීම සම්බන්ධව රාජකීයයන්ගේ මැදිහත්වීම හඳුනාගත හැකිය.
මෙම කරුණු හැරුණු විට මැණික් භාවිත කොට සිදු කරනු ලැබූ ආගමික නිර්මාණ රාශියක් ද හඳුනාගත හැකිය. විශේෂයෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී ඒවායේ විවිධ අංගෝපාංග සඳහා මැණික් භාවිත කර තිබේ. දෙවනපෑතිස් රජතුමා විසින් නිර්මාණය කරන ලද ඌරුසිලා පටිමා නම් පිළිමයෙහි නෙත්වලට හතර වැනි සියවසේදී පමණ බුද්ධදාස රජතුමා විසින් මැණික් ඔබ්බවා තිබේ. මේ අනුව ලක්‌දිව පැරැණි බුදුපිළිම රාශියකටම නෙත්වලට මැණික් ගල් අල්වා තිබිණි. බොහෝ විට මෙම මාණික්‍ය අර්ධ මාණික්‍ය වශයෙන් හඳුනා ගත හැකිය. පිළිමවල නෙත්වලට පමණක් නොව බුදු පිළිම වටා වූ රශ්මි මාලාවට ද මැණික් ඔබ්බවා තිබේ. හතරවැනි උදය රජු නිර්මාණය කරන ලද එවැනි රැස් වළල්ලක් පිළිබඳ තොරතුරු මූලාශ්‍රවල සඳහන් වේ. විටෙක මේවායේ මාණික්‍ය පැහැර ගැනීම සඳහා සොර සතුරන් විසින් විවිධ හානි ද සිදු කර ඇත. දළදා මාලිගාවෙහි පලිඟු වලින් නිර්මාණය කරන ලද බුදු පිළිමයක් ඇති බව ආනන්ද කුමාරස්‌වාමි මහතා සඳහන් කරයි. පැරැණි ස්‌ථූප ආකෘතියේ අංගයක් වූ ඡත්‍රයන් හි අලංකාර කටයුතු සඳහා ද මැණික් ඔබ්බවා තිබේ. එසේම සතුරන් විසින් ඒවා පැහැර ගැනීම සඳහා කරන ලද විනාශයන් පිළිබඳව තොරතුරු වංශ කථාවල සඳහන් වේ. විශේෂයෙන් ස්‌ථූපයන්ගේ කොත සඳහා භාවිත කරනු ලැබුයේ අර්ධ මාණික්‍යක් වූ පළිඟු ගල් ය. තිස්‌සමහාරාමයේ යටාල දාගැබ් භූමියෙන් ද අර්ධ මාණික්‍යවලින් නිර්මාණය කරන ලද කරඬු කිහිපයක් හමු වූ බව හෙන්රි පාකර් සඳහන් කරයි. අස්‌ගිරියේ ඇති පළිඟු කරඬුවක් පිළිබඳව ද කුමාරස්‌වාමි මහතා සඳහන් කරයි.
බුද්ධ ප්‍රතිමා හැරුණු විට බෝධිසත්ව ප්‍රතිමා සඳහා ද මැණික් භාවිත කොට තිබේ. වෙහෙරගලින් හමු වූ ක්‍රි. ව. 8 වැනි සියවසට පමණ අයත් අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවේ මකූටයෙහි මැණික් ඔබ්බවා තිබූ බව හඳුනාගත හැකිය. නමුත් අද එය විද්‍යමාන නොවේ.
මේ හැරණු විට පබළු නිර්මාණය සඳහා ද මැණික් භාවිත කර තිබේ. ඒවා බොහෝ විට අර්ධ මාණික්‍ය වේ. කානීලියන්, ඇගේට්, අඹතෙස්‌ස වැනි අර්ධ මාණික්‍යවලින් සෑදූ පබළු පුරාවිද්‍යාත්මක කැණීම්වලින් ද හමුවී තිබේ. අර්ධ මාණික්‍යවලින් පමණක් නොව මැණික් භාවිත කිරීමෙන් ද පබළු නිර්මාණය කර තිබේ.
දළදා වහන්සේ දෙල්ගමුව රජමහා විහාරයේ තැම්පත් කොට තිබෙන අවස්‌ථාවේ කුරුවිට ප්‍රදේශයෙන් ලැබුණු විශාල නිල් මැණිකකින් ඒ සඳහා කොපුවක් නිර්මාණය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එය සොරුන් පැහැර ගනී යෑයි බයට පත් රජයේ පසුව එය වැසී යන පරිදි ඇත් දළින් කොපුවක් කළ බවට ද වැඩි දුරටත් එම ජනප්‍රවාදයේ සඳහන් වේ.
මැණික් සම්බන්ධ වූ තවත් ජනප්‍රිය ජනප්‍රවාදයක් අසන්නට ලැබේ. එනම් ලංකාවට මැණික් ගැරීම පිණිස පැමිණි මුක්‌කරුන් නම් ජන කොට්‌ඨාසයක් පිළිබඳවය. මොවුන් පැමිණි රට හෝ කාල සීමාව පිළිබඳව විවිධ මතවාද පවතී. (වැඩි පිළිගැනීම වන්නේ ඔවුන් ඉන්දියාවෙන් ආ බවට ය.) ඔවුන් ලංකාවට පැමිණ කතරගම දෙවියන්ට බාරයක් වී තිබේ. එනම් ඔවුන්ට මැණික් ලැබුණ හොත් ඉන් හතෙන් එකක කොටසක් දෙවියන්ට ලබා දෙන බවටය. එවිට කතරගම දෙවියන් මැණික් නැව් හතක් ගැරීමට වරමක් හා පාරා වළල්ලක් ලබා දී තිබේ. පාරා වළල්ල උඩට විසි කළ විට එය රැඳෙනුයේ මැණික් සහිත ස්‌ථානයකය. (මෙම මැණික් ගැරීම අතරතුර මුක්‌කරුවෙකු මියගියහොත් ඔහුගේ මැණික් කොටස හා මිනිය ඒ අසල වළදමා තිබේ. අදටත් එවැනි මුක්‌කරු සොහොන් අසල මැණික් තිබෙන බවට බොහෝ දෙනා විශ්වාස කරයි.) අවසානයේ මොවුන් මැණික් නැව් හතක් ගරා තිබේ. එසේ ගරන අතරතුර ඔවුනට ලැබුණු කට්‌ට හා දොෂ සහිත ගල් වලින් එක් නැවක් පුරවා ඇත. පසුව එම නැව දෙවියන්ට පූජා කර ඇත. දෙවියන් රැවටීමට සිදුකළ එම ක්‍රියාවෙන් කතරගම දෙවියන් කෝපයට පත් වී තිබේ. මුරුක්‌කරුන් අනෙකුත් මැණික් නැව් ද සමඟ මුහුදින් යන විට කෝප වූ දෙවියන් විශාල කුණාටුවක් මවා පා ඔවුන් සමඟ නැව් හතම මුහුදුබත් කොට තිබේ.
ලංකාවේ පෘතුගීසි පාලන සමයේදී මැණික් ගැරීම, විකිණිම, අයිතිය, රාජ්‍ය ආදායම පිළිබඳව ද තොරතුරු සඳහන් වේ. මෙම කාලයේදී ද සියලුම මැණික් රාජ සන්තක වස්‌තුවක් වී ඇත. ප්‍රධාන වශයෙන් මැණික් ගැරීම සිදුකොට ඇත්තේ දෙනවකට අයත් ගම් කිහිපයකය. පුෂ්පරාග, වෛරෝඩී, පද්මරාග ආදී මැණික් ඉන් ලැබී තිබේ. මැණික් ගැරීම භාරව රජය විසින් පත් කරන ලද නිලධාරි මඬුල්ලක් ද එම යුගයේදී හඳුනාගත හැකිය. එහි ප්‍රධානියා ආකර විදානේ නම් විය. ඔහුට සහායට මොහොට්‌ටාල කෙනෙකුත් සිටියේය. ඒ හැරුණු විට මැණික් ගරන සෑම ගමකටම මුලාදෑනියෙක්, කනකපුල්ලේ කෙනෙක් හා මැණික් ගරන්නන් කිහිපදෙනෙක් ද සිට ඇත. බොහෝ විට මැණික් ගැරීම සිදුකොට ඇත්තේ ජනවාරි සිට අප්‍රේල් දක්‌වා කාලය තුළදී ය. මෙම යුගයේදී මැණික් ගැරීමට අමතරව මැණික් කැපීම ද සිදුකර තිබේ. ලංකාවේ හමු වූ මැණික් විකුණන ලද්දේ ගෝවේදී හෝ කොචින්වලදී ය. එයින් ලැබෙන ආදායමින් තම යටත් විජිතවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම පෘතුගීසි පාලකයන්ගේ අරමුණ වීA තිබේ. 1634 දී පෘතුගීසීන් මැණික් විකිණීමෙන් ලද ආදායම සෙරපිම් 300 කැයි පෘතුගීසි ලේඛනවල සඳහන් වේ.
කන්ද උඩරට රාජධානි සමයේදී මැණික් භාවිතය පිළිබඳව තොරතුරු රාශියක් සොයා ගත හැකිය. මැණික් ගැරීම, අයිතිය, මැණික් කැපීම, මැණික් භාවිතය ඒ සම්බන්ධ නීති රීති මැණික් වලින් කරන ලද ආභරණ ආගමික නිර්මාණ තුටු පඬුරු ආදී තොරතුරු දේශීය මෙන්ම විදේශිය රචකයන් විසින් ලියන ලද මූලාශ්‍රවල අන්තර්ගත වේ.
නුවර යුගයේදී මැණික් ගැරීම සිදු කරන ලද්දේ රජුගේ අවසරය යටතේය. සියලුම මැණික් රජු සතු විය. රජුගේ ඔටුන්න සිංහාසන, කඩුකස්‌ථාන ඇතුළු ස්‌වර්ණාභරණ මැණික් වලින් අලංකෘත කොට තිබේ. ජෝන් ඩේව් සඳහන් කරන ආකාරයට රජුගේ ඔටුන්නට මරකත, රතු මැණික්, දියමන්ති ආදිය අල්වා අලංකෘත කර තිබේ. මේ හැරුණු විට ඔහු විසින් ලංකාවේ මැණික් ලැබෙන ප්‍රදේශ, ලැබෙන මැණික් වර්ග ආදිය පිළිබඳව තොරතුරු රාශියක් දක්‌වා තිබේ. අඹතෙස්‌ත, රතු තිරුවාන, වෛරෝඩී, පුෂ්පරාග, තෝරමල්ලි, රඹහ, මාතර, දියමන්ති, පද්මරාග, කිරිංචි, නිල්මිණි, කොරන්ඩම්, ගෝමේද ආදී වටිනා මෙන්ම අර්ධ වශයෙන් වටිනා මැණික් ලංකාවෙන් ලැබෙන බව ඔහු විසින් පෙන්වා දී තිබේ.
රජුගේ සිංහාසනය ද මැණික් අල්ලා අලංකෘත කර ඇති බව ඩේව් දක්‌වා තිබේ. කුමාරස්‌වාමි මහතා දක්‌වා ඇති පරිදි එම විස්‌තරය මෙසේය. "මේ මැණික් අතර පච්ච කිහිපයක් ද වෙයි. උඩරට වැඩවල මා දැක ඇති පච්ච ගල් මෙපමණය. අනික් ගල් වැඩි වශයෙන් අඹතෙස් හා පලිඟුය........ කැපූ පලිඟු බෝල තුනක් පුටු ඇන්දේ ඉහළ ඇත්තේය. "ආනන්ද කුමාරස්‌වාමි 2004 පිටුව 203)
මෙයට අමතරව රජුගේ සියලු ඇඳුම් පැළඳුම් ද මැණික් වලින් අලංකාර කර ඇත. ජෝන් ඩේව් සඳහන් කරන ආකාරයට රජතුමා රාජ්‍ය මංගල උත්සවයේදී රක්‌ත මාණික්‍ය, මරකත, දියමන්ති යන ඒවායින් අලංකාරවත් ස්‌වර්ණ සන්නාහයකින් සැරසී සිටී. ඒ හැරුණු විට රජු විසින් මැණික් අල්වා, සකස් කරන ලද සෝළු ලීයක් ද රැගෙන ගොස් ඇත. ආභරණ සඳහා පමණක් නොව කඩුකස්‌ථාන යුද්ධ රථ පවා අලංකාර කිරීම සඳහා මැණික් වර්ග භාවිත කර ඇත. මේවා බොහෝ වශයෙන් අර්ධ වටිනාකමින් යුත් මැණික් වන්නට ඇත.
මේ ආකාරයට රාජකීයයන් තමන්ට රිසි පරිදි මැණික් බහුල ලෙස විවිධ කාර්යයන් සඳහා භාවිත කර තිබේ.
මැණික් කැපීම ද නුවර යුගයේදී බහුල වශයෙන් සිදුකර තිබේ. එසේ කපා සකස් කරගත් මැණික් ආභරණ සඳහා භාවිත කර ඇත. මැණික් කපන උපකරණය ඇත්දත් ලියවන්නන්ගේ ලියනකඳට සමාන ලියනකඳකින් යුක්‌ත බවත් නමුත් මෙය කරවන ලද්දේ දුන්නකින් බවත් කුමාරස්‌වාමි මහතා සඳහන් කරයි.
මෙම තොරතුරු හැරුණු විට උඩරට රජුන් විසින් තානාපතින් හා රජයේ දක්‍ෂ නිලධාරීන්ට මැණික්, මැණික් යෙදූ ආභරණ ප්‍රදානයන් කිරීම සම්බන්ධව තොරතුරු ද දක්‌නට ලැබේ.
මේ ආකාරයට තොරතුරු සොයා බැලීමේදී පැහැදිලි වන්නේ මැණික් කර්මාන්තය පුරාණයේ පටන් අද දක්‌වාම සිදු කෙරීගෙන යනු ලබන කර්මාන්තයක් බවයි. රාජකීයන්ගේ හා ප්‍රභූන්ගේ ආභරණ මෙන්ම රාජකීය භාණ්‌ඩාගාරවල ද තුටු පඬුරු වශයෙන් ද ආගමික අංශය සඳහා ද අපනයනය කරනු ලැබූ ප්‍රධාන වෙළෙඳ ඒකකයක් ලෙසට ද මැණික් විශාල කාර්ය භාරයක් ඉසුලූ බවයි. එමගින් එදා පටන් අද වන තෙක් ලංකා මාතාවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් අත්පත් කර දී තිබේ. අතීතයේදී පමණක් නොව වර්තමානයේදී ද පෙර අපර දෙදිග ලෝකයේ ලංකාව බැබළවීමට තරම් මෙම මාහාර්ඝ මැණික් සමත් වී තිබේ.
ආශ්‍රිත ග්‍රන්ථ
01. කුමාරස්‌වාමි ආනන්ද . කේ. - 2004 මධ්‍යකාලීන සිංහල කලා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.
02. එල්ලාවල එච්. - 1964 පුරාණ ලංකාවේ සමාජ ඉතිහාසය, කොළඹ.
03. ආරියපාල එම්. බී. - 1962 මධ්‍ය කාලීන ලංකා සමාජය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, කොළඹ.
04 මහා වංශය - 1946 දේවරක්‍ෂිත බටුවන්තුඩාවේ හා ශ්‍රී සුමංගල හිමි. සංස්, රත්න ප්‍රකාශකයෝ - කොළඹ.

Sunday, June 3, 2012
ශ්‍රී ලංකාවේ මැණික් වර්ග
ශ්‍රි ලංකාවේ මණික් පතල් වල විශේෂත්වයනම් එහි විවිධ වර්ග වල මැණික් එකතුවක් එකම තැනකින් හමුවීමයි.නිල්,රතු,වෛරෝඩි,පසිංගල්,ආර්නූල් සහ වෙනත් අඩ අනගි මැණික් වර්ග එකම පතළකින් ලැබේ.ලෝකයේ දුර්ළභ මැණික් වන පසිංගල් ලැබෙන ප්‍රධාන රට ශ්‍රී ලංකාවයි.මෙම මැණික් මුලින්ම රුසියාවේ 'සුරල්' කදු වැටියෙන්1830 පමන හමුවිය.එය 2වන ඇලෙක්සැන්ඩර් රජුගේ නමින්'ඇලෙක්සැන්ඩ්‍රයිට්'යයි නමින් නම් කරන ලදි.
වෛරෝඩි තවත් දුර්ළභ ගනයේ මැණික් ගලකි.එහි රිදීමය රෙඛාවක් ගලෙහි එක් පැත්තක සිට අනෙක් පත්ත දක්වා දිස්වෙයි.මෙම ස්ව්භාවය'චැටෝයන්සි'යන නමින් හදුන්වයි,එය ප්‍රංශ භාෂාවේ 'චැට්'යන බළලාට කියන නමවේ.
නිල් සහ කොරන්ඩම් පව්ලේ වැදගත් මැණික් විශේෂයි.ශ්‍රි ලංකාවේ නිල් මැණික් සදහා ලෝකයේ විශාල ඉල්ලුමක් පවතී.මෙම මැණික් වල ෂූක්ශම සිල්ක් ගතියෙන් යුත් රෙඛා 6ක් හෝ කලාතුරකින් රෙඛා 12ක් දිස්වෙයි, ඒවා රතු හෝ නිල් ආර්නූල් නමින් හැදින්වේ.
ශ්‍රි ලංකවේ මැණික් වර්ග ප්‍රධාන වශයෙන් 17ක් පමනවේ.මින් සමහරක් වර්ග වලින් තවත් අනුවර්ග විශාළ ප්‍රමාණයක් සෑදේ.ශ්‍රි ලංකාවේ භුමි ප්‍රමාණය ව. සැ.25,000ක් පමණවේ.ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක මෙවැනි කුඩා ප්‍රදේශයක් තුළ මෙතරම් විශාළ මැණික් ප්‍රමාණයක් නොලැබේ.එම නිසා මැණික් ශ්‍රි ලංකාවේ ප්‍රාණ වායුව වශයෙන් සැළකේ.
කණක-වෛරෝඩි,පසිංගල්,පසිංගල් වෛරෝඩි
කිරිංචි-නිල්,රතු,දම් පාට කිරිංචි
ජාගුන්-කොළ,කහ,දුඹුරු,අවර්ණ ජාගුන්
රබහා-රොඩලයිට්,ගෝමේද,මල් රබහා,කහට රබහා
තරිප්පු-ඇක්ව්මැරින්,හෙලියඩොර්
පළිගු-කහට පළිගු,සුදු,අමතෙස්,මධු වෛරෝඩි
තෝරමල්ලි-මාංගු තෝරමල්ලි,ගිනිබොකුතෝර
ෆෙල්ඩ්ස්පාර්-පූනක්කම්
මේ හැර ඇන්ඩෘසයිඩ්,කොනෘරෑපීන්,විවිධ වරග අගස්ථි සහ දුර්ළබ ගනයේ සිංහලයිට්,අයොලයිට්,ඉංඩිගෝලයිට්, ෆයිබ්‍රොලයිට්, ටාෆයිට්,ඒකනයිට් සහ කිරිංචි වෛරෝඩි ආදිය ශ්‍රී ලංකා භූමියෙන් හමුවේ.
සටහන-ජනකලා මැණික් ආයතයේ බි.ඩබ්.සෝමතිලක.
Friday, June 1, 2012
ජනකලා මැණික් සහ ස්වර්ණාභරණ
වයඹ ජනකලා කේන්ද්‍රය,නුවර පාර,කුරුණෑගල.(ජාතික මැණික් සහ සවර්ණාභරණ අධිකාරියේ අනුමතයී)
ග්‍රහ අපල සදහා මැණික්
ඔඹට අවශ්‍ය සියලුම වර්ගවල ස්වභාවික මැණික් ඉතා සාධාරන මිලට අපෙන් මිලදී ගත හැක.මැණික් සදහා ජය්‍යාතන්තරව පිලිගනු ලබන සහතිකය අවශ්‍යනම් ලබාගත හැක.ඔබගේ මැණික් අවශ්‍යතාවයට අවංකව කැපවී සිටින අප වසර 20 ක පලපුරුද්ද තුලින් පාරිභෝගික විශ්වාසය දිනා සිටී.මෙම වසරේ සිට ආරම්භ කරන ලද අපගේ නව වෙබ් අඩවිය හරහා මැණික් පිලිබදව ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබා ගත හැක.ඔබගේ ගැටලු යොමු කරන්න.e.mail; janakalamenik@gmail.com tel.0723305365
Thursday, May 31, 2012
Sunday, May 27, 2012
මැණික් සහ ග්‍රහයන්
අප මැණික් පැළදීමෙන් අපේක්ෂා කරනුයේ අපට බලපා ඇති අසුභ ග්‍රාහකත්වය සුභ ග්‍රාහකත්වයක් බවට පත් කර ගැනීමයි.ජොතිශය අනුව මිනිසාට ලැබෙන කිරන ශක්තිය හීන වීම යනු ඔහුගේ ජීව විද්‍යුත් ගුනය දුර්වල වීමයි,.එම නිසා මැණික් පැළ්දීමට ප්‍රථම නිවැරදිව තමන්ගේ ග්‍රහ ගති සහ ඒවා ලග්නගතවී තිබෙන ආකාරය පරික්ෂා කර සිදුකිරීම වාඩා යෝග්‍යය වේ.
මැණික් සහ ග්‍රහ වස්තු අතර සම්බන්ධතාවය
වේද ශ්‍රාස්ත්‍රය අනුව ,පිරිසිදු නිර්මල මැණික් පැළදීම තුලින් ග්‍රහ ලෝක වලින් නිකුත් වන ජීව ශක්තීන් මිනිසාගේ ශරීරයට ලාබාදෙයි, අප දන්නා ග්‍රහයන් 9 දෙනාගේම සෘජු බලපෑම මැණික් වලට ඇත.ඒවා පැළදීම තුලින් ඒ ඒ ගුනයන් මිනිස් ශරීරයට ලගාවේ.
රවි -රතුකෑට , සිකුරු -දියමන්ති/ සුදු නිල්
චන්ද්‍ර- මුතු /චන්ද්‍රකාන්ති, ශනි - නිල් මැණික්/ කාකනිල්
කුජ - රතු කොරල්, රාහු -ගෝමේද
බුධ - පච්ච තෝර , කේතු - වෛරෝඩී
ගුරු - පුෂ්පරග,
ඉහත ආකාරයට එක් එක් ග්‍රහයන් හට විවිධ මැණික් වර්ග සකස් වී ඇත්තේ ආලෝක කිරණවල වරනාවලිය සහ මැණික් වල වර්ණ සමතුලනය වීමෙනි.උදා; වශයෙන් රතුකැට වල වර්නය රතුය, රවිගේ ආලෝක කිරනයද රතු වේ,.(රතු ග්‍රහයා)
ජ්‍යොතිශය සහ තාරකා විද්‍යාව අනුව සොයා ගත් කරුනු අනුව සෑම ග්‍රහයෙකුටම අදාළ වර්ණයක් තිබේ. එබැවින් ග්‍රහයන්ගේ වර්ණයට සමාන වර්ණ ඇති ස්වභාවික මැණික් පෑලදීම තුලින් ශුභ පළ ලබා ගත හෑක මැණික් ගල් වල ගුනය රදා පවතින්නේ එම මැණිකේ වර්ණය සහ ගලේ ස්වභාවිකත්වය මතය, එබෑවින් පලුදු සහිත අවර්ණවු මැණික් පෑලදීම නුසුදුසුය.
සකස් කලේ; ජනකලා මැණික් සහ ස්වර්ණාභරන ආයතනයෙහි අධ්‍යක්ෂ. බී. ඩබ්. සෝමතිලක (සරත්) විසිනි.
මැණික් සහ විද්‍යාව
පුරාණයේ සිට ආසියාතිකයන් සහ සමහර බටහිර රටවල්,අප දන්නා සහ නොදන්නා ග්‍රහ ලෝක සහ ඒවා පෘතුවියේ ස්ව්භාවික වස්තු කෙරෙහි ඈති සම්බන්ධතාවය පිලිබදව ගවේශණය කලහ. විශේෂයෙන් ග්‍රහයන්ගේ සුහ බලපෑම් මිනිසා තුලට ලබා ගෑනීම සදහා නොයෙක් පරීක්ෂණ කර ඈත.මූලිකව මේ පිලිබදව පරීක්ෂණ පෑවෑත්වු'' මෑන්ලේ හෝල් "නෑමෑත්තා සොයා ගත්තේ,..අප වසන පෘතුවි අභයන්තරයේ පවතින භෞතික වස්තු ග්‍රහ ලෝක සහ අනෙකුත් ආකාශ වස්තු කෙරෙහි බලපෑමක් ඈති බවය'. පෘතුවීයේ ඈති මෑණික් ආකශ වස්තු හා නිවෑරදිව සම්බන්ධ වු විට මිනිසාගේ සාර්තකත්වය කෙරෙහි බලපායි.
මුලු මහත් මැණික් විද්‍යවම කල්පිතයක් වශයෙන් සොයා ගත් අතර, මිනිසාගේ විශ්ව ශක්තිය සහ කිරන බලපෑම් වල ග්‍රාහකයක් බවට පත් වෙයි.මේ සියලු කිරන ශ්ක්තින්ගේ ආනුභාවයෙන් මිනිසාගේ භොතික සහ මානසික ස්වභාවය කෙරෙහි බලපාන වග සොයා ගන්නා ලදි. භු විද්‍යාත්මක කාරනා අනුව මැණික් එක්තරා ජ්‍යමිථික හෑඩයකට, ස්ථටික ආකාරයෙන් පොලොව යට පිහිටා ඈත. ස්ථටිකයක් යනු පරමානූ ඒක රාශීවී සෑදුන ඛණිජයකි.ග්‍රහ වස්තු වල බලපෑම මත මෙම ස්ථටික නිර්මානය වී ඈති බෑවින් ඒවායේ කිරන නිරායසයෙන් ග්‍රහ තාරකා සමග සම්බන්ධවේ.
මැණික් පෑලදීමෙන් ග්‍රහ වස්තු වල ෂූක්ෂම බලපෑමක් මිනිසාගේ ශරිරයට මෙන්ම මනසටද ඈති කරයි. මැණික් අපගේ ශරිරයේ ස්පර්ෂ වීම හේතුවෙන් ශෛල තුල කිසියම් චුම්බක ශක්තියක් ඈති කරයි. මෙවෑනි ශක්තීන් ග්‍රහයන්ගේ විද්යුත් කිරන හා සම්බන්ධ වන බව සොයා ගෙන ඈත.
මැණික් වල ගුණ අගුණ පිළිබදව සත්‍යය සොයමු.
තම සෞඛ්‍යය සහ සමෞධිය සදහා මැණික් පැළදීම තුලින් කෙනෙකුට එමගින් පරම ප්‍රථිපල ලබා ගත හැක.මැණික් වල ඇති ජීව රසායනික ගුනය හේතුවෙන් විශ්වයේ පවතින ග්‍රහ වස්තුවල ධනාත්මක සහ ස;නාත්මක ස්පන්දන ශක්තිය වැඩි දියුනු කරන බව ජොතිශය මතයක් බවට පත්වී ඇත. මේ මගින් කෙනෙකුගේ මානසික සහනය සමග සාර්ථක ජීවිතයක් සදහා මග පාදයි.
තවත් මතයක් වන්නේ මුලු ලෝකයම නොයෙක් ඛණිජ වර්ග (විශෙෂයෙන් මැණික්) වලින් සමන්විතව පවතින බවය. ශත වර්ෂ ගානක් මුලුල්ලේ මැණික් යොදා ආභරන පෑලදූ බවට ශාස්ත්‍රීය ග්‍රන්ථ අපට කරුනු අනාවර්නය කරයි. මැණික් තුල පවතින ජීව රසායනික ගුනය තුලින් ග්‍රහ බලපෑම් අවම කරන බව අරාබි සහ ආසියාතිකයන් විශ්වාශ කලහ. විවිධ මැණික් වර්ග ව්ලින්න අපට ලෑබෙන්නේ විවිධ ශක්ති ප්‍රභවයන්ය. මැණික් පැළ්දීම තුලින් මිනිසාගේ මානව ශක්තිය වර්ධනය විම තුලින් කෙනෙකුගේ අවදි භාවය වැඩි කරයි.නිල්ආර්නූල් මැණික
Subscribe to:
Posts (Atom)

+of+gEmStOnEs-gemstones-7046978-800-707.jpg)