Thursday, May 31, 2012


මැණික් පැළදීමේ විද්‍යාත්මක පැතිකඩ

  මුලු රාශි චක්‍රයම එකින් එක ග්‍රහ වස්තූන් විසින් පාලනය වෙයි.එමෙන්ම සෑම ග්‍රහයෙකුම ඒවායේ ශක්ති ප්‍රභවයන් විහිදුවා ලයි.මැණික් වලින්ද ශක්තීන් විකාශණය කිරීම සහ ශක්ති ඇද ගෑනීමක් සිදු කරයි. නොසුදුසු මැණික් පැලදීම තුලින් මිනිසාට ගුණයක් ලබා ගත නොහැක.එම නිසා  ජ්‍යොතිෂවේදියෙකුගේ නිගමනය අනුව මැණික් පැලදීම සිදුකල යුතුය.
  මැණික් විකුණා ගැනීමේ අරමුනින් සමහර වෙළදුන් හිතුමතේ මැණික් පළදින්න කියා නොයෙක් පුවත් පත් වල දැන්වීම් පළ කළද, ඒවාට නොරෑවටී දැන උගත් ජ්‍යොතිෂවේදීයෙකුගේ නිගමනය අනුව මැණික් පළදින්න.ජ්‍යොතිෂය යනු ගැඹුරු විෂයකි, මැණික්  විද්‍යාව යනු තවත් විෂයකි(ජෙමලොජී)මේ දෙකම එකට ගලපා මැණික් පැළදීම තුලින් යහපත් ප්‍රතිපළ ලබා ගත හැක.
   ජ්‍යොතිෂවේදියෙකුගේ අන්තර් ඥාණය මෙහෙයවා කෙනකුගේ ජම්ම පත්‍රයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු විසින් කෙනෙකුගේ ග්‍රහ පිහිටීම් අනුව මැණික් නිර්දේශ කරනු ලැබේ.එබැවින් කෙනෙක් පුවත් පතකට ලිපි ලියු පමනින්, රෑල්ලට හසුවී අමාරුවේ වැටෙන්න එපා.ජ්‍යොතිෂය සහ මැණික් පිලිබදව මතුපිටින් සුලු දැනුමක් ලබාගෙන හුදෙක් මුදල් පිනිසම, පත්තර වල බොළද ලිපි ලියා ජනතාව රවටන මැණික් වෙළදුන් සහ වෙළන්දියන්ට  නොරෑවටී,ඔබගේ යහපත් මනස නිසියාකාරව මෙහෙයවීමට නුවන පහල වේවායි පතමි.
  ඔබගේ කෙන්ද්‍ර හොදින් පරීක්ෂා කර විද්‍යාත්මකව පරීක්ෂා කරන ලද මැණික් අප ආයතනයෙන් ලබා ගත හැක.'පාරිභෝගිකයන්ගේ යහපත අපේ දියුනුවයි' විමසීම්,0723305365

Sunday, May 27, 2012

'දැයට කිරුළ 2012' ප්‍රදර්ශණයේ විශේෂ අවස්ථා


Highlights of the NGJA display site at the Deyata Kirula Exhibition held from 4-10 February 2012

    

     


ජනකලා මැණික් සහ ස්වර්ණාභරන ආයතනය  ජාතික මැණික් සහ ස්වර්ණාභරන අධිකාරිය හා සමගාමීව, 'දෑයට කිරුළ 2012' ප්‍රදර්ශණයේදි පැවැත්වූ ප්‍රවර්ධන වැඩ සටහනෙහි විශේෂ අවස්ථා ඈතුලත් පිංතූර මෙතනින් නරබමු.


නොකැපූ මැණික් එකතුවක්......




ඉල්ලම් ගැරුම් යන්ත්‍රය...

දැයට කිරුළ ප්‍රදර්ශණයේදි ජාතික මැණික් සහ ස්ව්ර්‍ණාභරන අධිකාරියේ නිලධාරි මහතුන් ඉල්ළම් ගැරුම් යන්ත්‍රය ක්‍රීයාත්මක කරමින්....... 









ප්‍රදර්ශණය සදහා ඉදිකරන ලද දෝනා පතලේ ආකෘතිය.....







චූඩා මාණික්‍යය









මැණික් සහ ග්‍රහයන්


අප මැණික් පැළදීමෙන් අපේක්ෂා කරනුයේ අපට බලපා ඇති  අසුභ ග්‍රාහකත්වය  සුභ ග්‍රාහකත්වයක් බවට පත් කර ගැනීමයි.ජොතිශය අනුව මිනිසාට ලැබෙන කිරන ශක්තිය හීන වීම යනු ඔහුගේ ජීව විද්‍යුත් ගුනය දුර්වල වීමයි,.එම නිසා මැණික් පැළ්දීමට   ප්‍රථම නිවැරදිව  තමන්ගේ ග්‍රහ ගති සහ ඒවා ලග්නගතවී තිබෙන ආකාරය පරික්ෂා කර සිදුකිරීම වාඩා යෝග්‍යය වේ.                  

මැණික්  සහ ග්‍රහ වස්තු අතර සම්බන්ධතාවය


    වේද ශ්‍රාස්ත්‍රය අනුව ,පිරිසිදු නිර්මල මැණික් පැළදීම තුලින් ග්‍රහ ලෝක වලින් නිකුත් වන ජීව ශක්තීන් මිනිසාගේ ශරීරයට ලාබාදෙයි, අප දන්නා ග්‍රහයන් 9 දෙනාගේම සෘජු බලපෑම මැණික් වලට ඇත.ඒවා පැළදීම තුලින් ඒ ඒ ගුනයන් මිනිස් ශරීරයට ලගාවේ.

ග්‍රහයන් සහ ඒවාට සම්බන්ධ විවිධ මැණික් වර්ග

  රවි -රතුකෑට ,                   සිකුරු -දියමන්ති/ සුදු නිල්
  චන්ද්‍ර- මුතු /චන්ද්‍රකාන්ති,    ශනි - නිල් මැණික්/ කාකනිල්
  කුජ -  රතු කොරල්,            රාහු -ගෝමේද
  බුධ  - පච්ච තෝර ,            කේතු - වෛරෝඩී
  ගුරු - පුෂ්පරග,
        ඉහත ආකාරයට එක් එක් ග්‍රහයන් හට විවිධ මැණික්  වර්ග සකස් වී ඇත්තේ  ආලෝක කිරණවල වරනාවලිය සහ මැණික්  වල වර්ණ සමතුලනය වීමෙනි.උදා;   වශයෙන් රතුකැට  වල වර්නය රතුය, රවිගේ ආලෝක කිරනයද රතු වේ,.(රතු ග්‍රහයා)  
    ජ්‍යොතිශය සහ තාරකා විද්‍යාව අනුව සොයා ගත් කරුනු අනුව සෑම ග්‍රහයෙකුටම  අදාළ වර්ණයක් තිබේ. එබැවින් ග්‍රහයන්ගේ වර්ණයට සමාන වර්ණ ඇති  ස්වභාවික මැණික් පෑලදීම තුලින් ශුභ පළ ලබා ගත හෑක මැණික් ගල් වල ගුනය  රදා පවතින්නේ එම මැණිකේ වර්ණය සහ ගලේ ස්වභාවිකත්වය මතය, එබෑවින් පලුදු සහිත අවර්ණවු මැණික් පෑලදීම නුසුදුසුය.
      සකස් කලේ;  ජනකලා මැණික් සහ ස්වර්ණාභරන ආයතනයෙහි අධ්‍යක්ෂ. බී. ඩබ්. සෝමතිලක (සරත්) විසිනි.
9o4vlbE-O4QbtMbyb4kvEtDc7fk