Friday, August 31, 2012

sri lankan gem history



 මෙම විඩියෝ දර්ශණ ඇමරිකාවේ ජි.අයි.ඒ. ආයතනය අනුග්‍රහයෙන් සකස් කරන ලදි.
This gem idetification vedio was editted by G.I.A. america


   ශ්‍රී ලංකාව පිළිබධව මගේ මතය.

අඹ ගෙඩියක හැඩයෙන් යුත් අප මව් බිමෙන් බිහිවන සෑම ද්‍රව්‍යයක්ම ලෝකයේ අගනා ඛ්නිජ සම්පත් වේ.අප කවුරුත් මැණික් හදුනා ගනු ලබන්නේ ඉතා වටිනා ඛ්නිජයක් ලෙසය.එමෙන්ම ශ්‍රී ලංකාවේ ජලය,පස්,මිනිරන්,යපස්,වැලි,මැටි ආදී සියලු ද්‍රව්‍යයන් අපගේ ජිවනොපාය සරිකරවීමට ඉවහල් වේ.
                  


Sri Lanka Is One Of The Top 5 Gem Producing Countries In The World

SL among top five gem producing countries


                                                      Gemstones from Sri Lanka

Sri Lanka is one of the five main gem producing countries. South Africa, Brazil, Thailand and Myanmar are the other four major gem producers, National Gem and Jewellery Authority deputy director general Ajith Perera said.
According to him, four percent of the annual exports of Sri Lanka constitute gems and they hope to increase this quantum in the near future. The Deputy Director General was addressing a special press briefing at the Information Department on the recently discovered gem deposits in Kataragama.
“There is a good demand for Sri Lankan Blue Sapphires in the global market. We hope that the gems found in the Thammanna area would be a boost to our Blue Sapphire exports with the resultant benefit to the national economy,” Perera said.

                                    Natural untreated blue sapphires from Sri Lanka
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Sri Lanka is one of the greatest gem producing countries in the world. In my opinion, the best untreated blue sapphires are coming from Sri Lanka.
Sri Lankan blue sapphires have an evenness of colour and a medium to almost cornflower blue colour.
Sri Lanka also has the best star sapphires in the world. Sapphires from Sri Lanka come in a variety of colour. Colours vary from very light to dark blue to violet-blue, bluish-green, yellow, slightly reddish-orange, brown, nearly opaque black, colourless, pink, violet and the pinky-orange known as padparadscha.
The most valuable colours of course are the cornflower blue colour, reds (known as ruby) and a pinky-orangey colour known as padparadscha.
John Rosen GG, GJ

                                                            Gemstones found in Sri Lanka
      
   
        
      
  

Wednesday, July 18, 2012

gems in sinhala



 We have won a high reputation from the customers both home anabroad.Sincerely looking forwartcooperating with you!
ශ්‍රී ලංකාවේ මැණික්
 පොලෝ ගැබ යනු භූ රසායනාගාරයකි.එහි නිර්මාණය වු අගනා සම්පතකි මැණික්.වර්ණවත් මැණික් සදහා ශ්‍රි ලංකාව ඈත අතිතයේ සිටම ලෝ පතලය.
  ශ්‍රි ලංකා භූමිය වර්ග කිලෝමිටර් 64000 ක් පමනවේ.එහි බොහෝ ප්‍රදේශවල විසිරී ඇති අගනීය සහ විපරිත පාෂාණවලින් මැණික් නිර්මනය වී ඇත.ඉතිරි බිම් ප්‍රදේශය හුනුගලින් යුක්තවු අවසාදිත පාෂාණය.එය පුත්තලම සිට යාපනය දක්වා විහිදී ගොස් ඇත,හුණුගල්වල මැණික් සෑදෙන්නේ නැත.
 මැණික් නිජබිම ලෙස නම් දරන්නේ රත්නපුරය මැදිකරගත් මැණික් ත්‍රිකෝණයයි.එනම් අවිස්සාවේල්ල,බලංගොඩ,අකුරැස්ස අතර භූමී ප්‍රදේශය ඊට අයත්ය,මෑතකදී ප්‍රසිද්ධියට පත් මැණික් ඉල්ළම් නිධි ඇත්තේ ඇළහැර,දෙනියාය හා ඔක්කම්පිටිය ආශ්‍රිත කලාපවලය.




අපගේ හිතවත් පාරිභෝගිකයින් වෙත කෙරෙන කාරුනික අවවාදයයි
... ගර්භාශ රෝග අර්ෂස් රෝග වැනි ඖෂධ වලින් සුව කර ගත හැකි රෝග සදහා මැණික් වලින් සුවයක් ලබා දියහැකියැයි පවසමින් බොලද අදහස් පුවත් පත් ප්‍රකාශ නිකුත් කරමින්,හුදෙක් මුදල් සෙවීමේ අරමුනින්, ජනතාවගේ බුද්ධියට නිගා කරන අත්දෑකිම් රහිත මැණික් වෙළදුන් සහ වෙළන්දියන්ගෙන් ප්‍රවේශම් වන ලෙස සියලු දෙනාගෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටින අතර, එවැනි වංචා සහගත ක්‍රියා කරන්නන් පිළිබදව අවදියෙන් සිටින ලෙස මතක් කරමි...

අපල සදහා නිවැරදිව මැණික් පලදින්නේ කොහොමද?

      මැණික් ඇල්ලූ ආභරණ පැළදීම බොහෝ දෙනා අලංකාරයට හා විලාසිතාවට කළත් ග්‍රහ අපල අඩු කිරීමේ පිළිවෙතක් ලෙස මැණික් පැළදීමේ ක්‍රමයක්ද ජ්‍යොතිෂයේ දැක්වේ.අද ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ ග්‍රහ අපල වලට මැණික් පැලදීම සම්බන්ධව බැදී ඇති විද්‍යාත්මක පසුතලය පිළිබදවත් මැණික් පැළදීම ඵලදායි අයුරින් ක්‍රමවත්ව සිදුකල යුතු ආකාරයත් විස්තර කිරීමටයි.

    සත්‍ය වශයෙන්ම අපල සදහා මැණික් පැලදීම 100%ක්ම විද්‍යාත්මක පදනමක් මත ගොඩ නැගී ඇත.ප්‍රකාශ විද්‍යාවත්,පෘථිවි ගුරුත්වාකර්ෂණ හා චුම්භක ක්‍ෂෙත්‍රවල බලපෑමත් හස්ත රේඛා ශාස්ත්‍රය හා නිල වෙදකමේ සංකලනයෙන් බිහිවූ ජ්‍යොතිෂයේ දක්නට ඇති ඉතාම ශාස්ත්‍රීය හා වින්දනාත්මක ශාන්ති ක්‍රමයක් ලෙස අපල සදහා මැණික් පැලදීමේ ක්‍රියාව හැදින්විය හැකියි.
1) ඝන,ද්‍රව,වායු මාධ්‍ය ඔස්සේ ගමන් කිරීමේදී ආලෝක කිරණවල සිදුවන වර්තන ක්‍රියාවලිය පාසැලේ විද්‍යා පාඩමේදී ඔබ අප ඉගෙන ගෙන ඇත.මැණික් වල ඇති සුවිශේෂී ස්ඵටික ස්වභාවය නිසා මැණික මත පතිත වීමේදී ආලොකය මැණිකේ ස්වභාවය අනුවවිවිධාකාර වර්තන පරාවර්තන ක්‍රියාවලට ලක්වේ.රතු,තැඹිලි,කහ, ...ආදී වර්ණාලෝක වල සිදුවන වර්තිත ක්‍රියාව මැණික කපා ඔප දමා ඇති නැති ආකාරය අනුවද විවිධවේ.
2)ජ්‍යොතිෂයේදී නවග්‍රහයන් ලෙස සලකනු ලබන රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි,රාහු,කේතු ග්‍රහයන්ට විශේෂවූ වර්ණ වෙන්කොට ඇත.මෙම වර්ණ වෙන් කිරීමේදී එම ග්‍රහයා අහසේ දිස්වන(රාහු කේතු හැර)වර්ණයේ ස්වභාවය ප්‍රධාන වශයෙන් සලකා බලා ඇත.
  රවි - රන්වන් පාට
  සදු -ඇත්දළ පාට
  කුජ - රතු පාට
  බුධ - කොළ පාට
  ගුරු -අදුරු කහ පාට (ගුරු පාට)
ශුක්‍ර -සුදු නිල් පාට
 ශනි -කළු පාටට හුරු තද නිලා පාට
 රාහු - පොලිෂ් පාටට හුරු තැඹිලි පාට
කේතු -දිය සෙවල පාට


3)මැණිකක් නිර්මාණය වී ඇත්තේ විවිධාකර වූ රසායනික සංයෝග හා බන්ධන සමූහයකිනි.මැණික් වලට ඉහල වටිනාකමක් ලැබී ඇත්තේ ඒවායේ අලංකාරය,දුර්ලභත්වයට වඩා ඒවායේ අනන්‍ය වූ රසායනික ව්‍යූහය නිසාමය.ආලෝක කිරණ පමනක් නොව ඒ ඇතුළුව සියළු විද්‍යුත් භුම්භක තරංග මැණික් තුලින් ගමන් කිරීමේදී අතිශයින් පුදුම සහගත ක්‍රියාවලියන්ට භාජනයවේ.මෙහිදී තරංගය පමනක් නොව ඇතැම් විට මැණිකේ රසයනික ව්‍යූහයද විපර්යාස වලට භාජනය වන අවස්ථා ඇත.(පසුගිය කාලයේදී ලංකාවේ රෝහලක එක්ස් කිරණ ඒකකය තුල සිදුවූ එක්ස් කිරණ යවමින් බාල මැණික් වටිනා මැණික් වල ස්වරූපයට හැරවීමේ ජාවාරම ගැන පුවත්පත් වලද පලවිය.මෙහිදී එක්ස් කිරණ වැඩි ප්‍රමාණයක් දිගු කාළයක් මැණික හරහා යැවීමේදී මැණිකේ රසායනික ව්‍යූහය තාවකාලිකව කෙටි කලකට වෙනස් කළ හැක.)මැණික් හරහා විද්‍යුත් භුම්භක තරංග ගමන් කිරීමේදී ඇතිවන මෙම විපර්යාස වල විද්‍යාත්මක හේතු කාරණා පැහැදිලි කර ගැනීමට විද්‍යාඥයන් සමත්ව ඇතත් මැණික් වල ඇති මෙම විශේෂත්වය යොදාගෙන විද්‍යාත්මක වශයෙන් වැදගත් වටිනා උපකරණයක් නිර්මාණය කිරීමට මෙතෙක් කිසිදු විද්‍යාඥයකු හෝ කණ්ඩායමක් සමත් වී නැත.


4) හස්ත රේඛා ශාස්ත්‍රය ජ්‍යොතිෂය සමඟම බැදී ඇති ශාස්ත්‍රයක් වුවත් එම විෂය පිළිබදව ලේඛකයා සතු දැනුම ඉතා අල්පය.අපල සදහා මැණික් පැලදීමේ ශාන්ති කර්මය සමග බැදී ඇති නිසා අත්ලේ ග්‍රහයන් සදහා වෙන්වුණු ස්ථාන පිළිබදව සරල දැක්වීමක් පහත රූපයේ දක්වා ඇත.
                    


5) නිල වෙද ශාස්ත්‍රය.
      අපල සදහා මැණික් පැලදීමේ ක්‍රමය දැක්වීමේදී පුරාණ ආචාර්ය වරු නිල ශාස්ත්‍රයද උපයෝගී කොට ගෙන ඇත.අත්ලේ මෙන්ම ශරීරයේ වෙනත් ස්ථානවල විශේෂ නිල උත්තේජනයෙන් ස්නායු ක්‍රියාකාරිත්වය රුධිර ගමනය ආදියට විවිධාකාර වූ බලපෑම් ඇතිකළ හැකිවීම මෙහිදී භාවිතා කර ඇත. 


අපල සදහා මැණික් පැලදීම ඉහත දැක්වූ 1),2),...5) යටතේ දැක්වූ කරුණු කාරණා අනුව පදනම් වී ගොඩ නැංවී ඇත.නව ග්‍රහයන් වෙනුවෙන් වෙන්වූ මැණික් ඉන්දියානු පොත් පත් වල විවිධාකාරයෙන් දක්වා ඇති අතර ලංකාවේ සම්මත නවරත්න මැණික් පහත පරිදිය.
 * රවි සදහා පද්මරාග  -  පැහැය රන්වන් පාට
 * සදු සදහා මුතු  -    පැහැය ඇත්දළ පාට
 * කුජ(අඟහරු) සදහා රතු  -පැහැය රතු පාට
 * බුධ සදහා පච්ච  - පැහැය ලා කොළ පාට 
 * ගුරු(බ්‍රහස්පති) සදහා පුෂ්පරාග  - පැහැය අදුරු කහ(ගුරු) පාට
 * ශුක්‍ර(සිකුරු) සදහා සුදුනිල්  - සිකුරු ග්‍රහයා අහසේ දිස්වන දීප්තිමත් සුදුනිල් පාට
 * ශනි(සෙනසුරු) සදහා කාකනිල් -  තද නිල් පාටට හුරු කළු පාට
 * රාහුට ගෝමේද  - පැහැය පොලිෂ් පාටට හුරු තැඹිළි පාට
 * කේතුට වෛරෝඩිය - පැහැය රිදී පාටට හුරු මෙරූන් පාට
 ඉන්දියාවේ භාවිතා වන නවරත්න මැණික් මීට තරමක් වෙනස්ය.නවරත්න මැණික් ගැන කියවෙන පැරණි සංස්කෘත ශ්ලෝකයක් පහත දැක්වේ.
 "මාණික්‍යම් තරානේඃ සුජාත්‍යමාමලම් මුත්තාපාලම් ශිතාගෝඃ
   මහේයාස්‍ය චා විධ්‍රැමාම් මරකතම් සෞම්‍යාස්ස ගාරුත්මාතම
   දිවෙජ්්‍යාස්ස චා පුෂ්පරාජමසුරාචාර්්‍යස්ස වජ්‍රම් ශනේඃ
   නීලම් නිර්මලමානේ‍යාශ්ච ගදිතෙ ගෝමේදවෛදුර්යග් "
මෙම ශ්ලෝකය අනුව නවග්‍රහයන් සදහා භාරතයේ භාවිතා වන මැණික් පහත පරිදිය
  * රවි සදහා රතු(Ruby)
  * සදු සදහා මුතු(Pearl)
  * කුජ(අඟහරු) ට කොරල්(Coral)
  * බුධ සදහා පච්ච(Emerald)
  * ගුරුට පුෂ්පරාග(Yellow Shapphire)
  * ශුක්‍ර(සිකුරු) ට දියමන්ති(Diamond)
  * ශනි(සෙනසුරු) ට නිල් (Blue Shapphire)
  * රාහුට ගෝමේද(Hessonite)
  * කේතුට වෛරෝඩි(Cat's Eye)


 අපල සදහා මැණික් පැලදීමේදී සැලක්ය යුතු වැදගත් කරුණු
  * නියම ලෙස ඇති ගල් භාවිතා කළ යුතුය.
  * පළුදු නොවූ  හා නියමිත පරිදි(භාවිතා කරන්නාගේ උපන් කේන්ද්‍රයේ ග්‍රහ බල දුබලතා අනුව) කපන ලද මැණික් භාවිතා කළ යුතුය
  
  
   අපල සදහා මැණික් පැළදීමේදී ජ්‍යොතිෂවේදියාගේ හා මැණික් වෙළෙන්දා  දෙදෙනාගේම සහාය ලබා ගත යුතුය.සත්‍ය වශයෙන්ම ජ්‍යොතිෂ වේදියාට අපලයට පලදින මැණික් පිළිබද සිද්ධාන්ත උපදෙස් ලබා දිය හැකි වුවත් සුදුසු මැණික් ලබා ගත යුත්තේ මැණික් වෙදෙන්දන්ගෙන්ය.වර්තමානයේ සමහර ජ්‍යොතිෂවේදීන් මාධ්‍ය හරහා මැණික් බිස්නස් කිරීම සිදුකළත් එය බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යාම හා සමානය.වංචනික මැණික් වෙළෙන්දන්ද සිටී. 
     අපල සදහා මැණික් පැළදීමේදී පළුදු නොවු හා සුදුසු ලෙස කැපූ හා ග්‍රහයන්ට ගැලපෙන පරිදි මැණික් පැලදීම කළ යුතුය.උපතේදී බලවත් ග්‍රහයන්ට මෙන්ම දුබල ග්‍රහයන්ට මැණික කැපිය යුතු ක්‍රමයක් ඇත.උදාහරණයකට උපතේදී ගුරු උච්ච අය පුෂ්පරාග පැලදීමේදී කිරණ ශරීරය තුලට වැඩිපුර ලැබෙන පරිදි මැණික කැපිය යුතුය.මෙම වර්තිත ක්‍රමයට කපන ලද මැණික් වල ඔපය(දිලිසීම) අඩු නිසා හා එලෙස කැපූ මැණික් වලට වැඩි වෙලද වටිනාකමක් නොලැබෙන නිසා මෙලෙස කැපූ මැණික් විකිනීමට අඩුය.ඒවා සුදුසු ලෙස කපා ගත යුතුය.එමෙන්ම උපතේදී අදාල ග්‍රහයා නීච හෝ දුබල විට මැණික් පැළදීම මගින් අපල වැඩි වන අවස්ථා ඇත.එබැවින් එම ග්‍රහයන්ට අදාළ මැණික නොපැලදිය යුතුය.උදාහරණයක් ලෙස යම් අයකුගේ උපතේදී අඟහරු ග්‍රහයා නීච නම් රතු වර්ණය ඇති රුබී(රතු) හා කොරල් පැලදීම නොකළ යුතුය.
   කිරණ ශරීරය තුලට වැඩිපුර වර්තනය වීමට හා ශරීරයෙන් පිටතට පරාවර්තනය වීමට මැනික් කැපිය යුතු අයුරු පහත රූපයේ දැක්වේ.
                                       
 ඉහත රූප සටහන් වලින් 1 රූපයේ දැක්වෙන පරිදි පතුල අංශක (41-44) අතර කැපූ විට මැණිකේ ඉහල සමතලා පෘෂ්ඨයෙන් හා පැත්තෙන් වැටෙන ආලෝක කිරණ දෙකම ඉවතට පරාවර්තනය වීමත් 2 රූපයේ පරිදි පතුල අංශක 41 ට අඩුවෙන් කැපූ විට ඉහලින් හා පැත්තෙන් මැණිකට ඇතුල් වන කිරණ දෙකම ශරීරය තුලට වර්තනයවේ. 3 වැනි රූපයේ පරිදි පතුල අංශක 45 ට වැඩි වන විට ඉහල සමතලා පෘෂ්ඨයෙන් ඇතුල් වන කිරණ ඉවතට පරාවර්තනය වන අතර පැත්තෙන් වැටෙන කිරණ ශරීරය තුලට වර්තනය වේ.
 අපල සදහා මැණික් පැලදීමේදී ආභරණ වලට මැණික් ඇල්ලීමේදී අනුගමනය කෙරෙන දිශාඅනුගත කිරීමක් හා ලබා ගත යුතු මැණික් වල විශාලත්වය බර පිළිබදව විස්තර පොත් පත්වල සටහන් කොට ඇත.පහත දැක්වෙන රුපයන් බලා මැණික් හදුනා ගැනීම හා වෙනත් තොරතුරු දැන ගැනීම පාඨකයාට බාර කරමි.  
                       
                                     මෙතනින් බලන්න 
resource: lanka jothisa arana blogspot.com
ඉහත ලිපීයෙහි හිමිකම් ලංකා ජ්‍යොතිෂ අරන කතුවයා සතු බව කරුනාවෙන් සලකන්න.

Friday, June 29, 2012

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය.

මැණික්‌ යන්න අපගේ කන වැකුණු සැණින් මතකයට නැගෙනුයේ සබරගමුව පළාතේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයයි. රත්නපුර නාමය ප්‍රභවය වන්නේ ද එම ප්‍රදේශය මැණික්‌ පුරවරයක්‌ වූ බැවිනි. රත්නපුර දිස්‌ත්‍රික්‌කය හැරුණු විට තවත් ප්‍රදේශ රාශියකින් මැණික්‌ උපදින බව මේ වන විට නොරහසකි. ඒ පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ 70 දශකයෙන් පසුවය. අවිස්‌සාවේල්ල, අකුරැස්‌ස. බළංගොඩ මැණික්‌ ත්‍රිකෝණය ලෙසට ද හඳුනාගෙන තිබේ. ලංකාවේ මුළු භූමි භාගයෙන් 20% ක පමණ මැණික්‌ සහිත ඉල්ලම ව්‍යාප්තව පවතී. ලෝකයේ මැණික්‌ ලැබෙන අනිකුත් රටවල් දෙස බැලීමේදී එය ඉතාමත් ඉහළ ප්‍රතිශතයකි. වර්තමානයේ මෙම කර්මාන්තය මගින් විශාල රැකී රක්‍ෂා ප්‍රමාණයක්‌ උත්පාදනය කර ඇතිවාක්‌ මෙන්ම රටට ලැබෙන විදේශ විනිමය ද රටේ සංවර්ධනයට මනා පිටිවහලක්‌ ලබා දෙයි. මෙම කර්මාන්තය රටේ ආර්ථිකයට කොතරම් ශක්‌තියක්‌ දැයි ඒ සම්බන්ධව පිහිටුවා ඇති රාජ්‍ය ආයතන දෙස බැලීමේදී පැහැදිලි වෙයි. ලක්‌ පොළෝ ගැබින් ලැබුණු ලෝකයේ විශිෂ්ටතම මැණික්‌ කීපයක්‌ ද මේ වන විටත් ලක්‌ මාතාවට විශාල කීර්ති කදම්බයක්‌ ලබාදී අවසානය. ඒ නිසා මැණික්‌ තරම් වටිනා නාමයක්‌ ලංකාව ලෝකයට මේ වන විටත් එක්‌කොට හමාරය.
ලංකාවේ මැණික්‌ කර්මාන්තය අද පමණක්‌ නොව ඈත අතීතයේදී ද පැවතුන බවට ඓතිහාසික සාධක මගින් හඳුනා ගත හැකි ය. ප්‍රධාන අපනයන භාණ්‌ඩයක්‌ ලෙසට එය ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත. එසේම රාජකීය භාණ්‌ඩාගාරවල මෙන්ම ආගමික මධ්‍යස්‌ථානවල ද ඒකරාශී කිරීම විසිතුරු ආභරණ ලෙස පැළඳීම රජුන් හා ප්‍රභූන්a අතර හුවමාරු කර ගැනීම, භාර හාර, යාගහෝම කටයුතු සඳහා භාවිත කිරීම බහුලව සිදුකර තිබේ. එම නිසා මැණික්‌ භාවිතය විවිධාකාර අයුරින් හඳුනා ගත හැකිය. මෙම ලිපියේ අරමුණ මැණික්‌ කර්මාන්තය සම්බන්ධ එම පැරැණි තොරතුරු හඳුනා ගැනීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අදින් වසර එක්‌ලක්‍ෂ විසිපන්දහසක්‌ 125000 තරම් පැරැණි යුගයට අයත් වන බවට මේ වන විටත් තොරතුරු සොයාගෙන අවසානය. එම පැරැණි මානවයා පිළිබඳ සාධක බූන්දල, පතිරාජවෙල, මිනිහාගල්කන්ද, පාහියන්ගල, කුරුවිට බටදොඹලෙන, කෑගල්ල අළුලෙන, මානියංගම බෙලිලෙන, රාවණාඇල්ල, අලවල පොත්ගුල්ලෙන, දොරවක, බෙල්ලන්බැඳිපැලැස්‌ස ආදී එළිමහන් හා ලෙන් වාසස්‌ථානවලින් විශාල තොරතුරු ප්‍රමාණයක්‌ සොයා ගෙන තිබේ. මෙම යුගයේ ජීවත් වූ මානවයන් ආයුධ නිර්මාණය සඳහා බහුලව භාවිත කර ඇති මාධ්‍ය අතුරින් තිරුවානාවලට ලැබෙනුවේ ප්‍රමුඛ ස්‌ථානයකි. තිරුවානා  යනු මැණික්‌ මෙන් නොවටිනා එහෙත් මැණික්‌ ආශ්‍රිතව ඇති ඛනිජයකි.
තිරුවානා වර්ග ද කිහිපයක්‌ ඇති බැවින් ප්‍රාග් ඓතිහාසික මානවයන් තම ආයුධ තැනීමට බහුලව ලබාගෙන ඇත්තේ පැහැදිලි තිරුවානාය.  ඒ මගින් තියුණු ආයුධ නිර්මාණයට ඔවුන් දක්‍ෂයන් ය. ප්‍රාග් ඓතිහාසික ගුහා කැණීම්වලින් ලැබුණු ආයුධ දෙස බැලීමේදී මේ බව තවදුරටත් තහවුරු කර ගත හැකිය. එම තිරුවානා ප්‍රාග් ඓතිහාසික මානවයන් ලබා ගෙන ඇත්තේ ඇළ පාරවල් හා දොළ පාරවල් ආශ්‍රයෙන් ය. ඔවුන් මැණික්‌ භාවිත නොකළ ද, (ඉදිරියේදී සිදු කරනු ලබන ප්‍රාග් ඓතිහාසික කැණීම් මගින් මැණික්‌ හමුවීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ ආශ්‍රිතව ඇති තිරුවානා ආයුධ නිර්මාණය සඳහා භාවිත කර තිබේ.) රත්නපුරය අවට පැරැණි ලෙන් වාසස්‌ථාන වල මේ අනුව මැණික්‌ තිබීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ලංකාවේ යකඩ යුගයේ මෙගලිතික සංස්‌කෘතිය මගින් අර්ධ මාණික්‍ය (semi gems) භාවිත කර ඇති බවට තොරතුරු ලැබේ. ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය කැනීමෙන් කානීලියන් හා ඇගේට්‌ වලින් කරන ලද පබළු මාලයක්‌ හමු වී තිබේ. මෙම කානීලියන් සහ ඇගේට්‌ ඉන්දියාවෙන් ලබාගත් බවට අනුමාන කරයි.

ඉන් පසුව එළඹෙන ඓතිහාසික යුගයේදී ලංකාවේ මැණික්‌ භාවිතය පිළිබඳව තොරතුරු රාශියක්‌ හමුවෙයි. දිව්‍යාවදානය හා මණිමේඛලායි කෘතීන්ට අනුව ලංකාව හඳුන්වා ඇත්තේ රත්නදීපය යනුවෙනි. එහි තේරුම මැණික්‌ උපදින දිවයින යන්නයි. එසේම බුදුරජාණන් වහන්සේ දෙවන වර ලංකාවට වැඩම කරන්නේ මැණික්‌ පුටුවක්‌ සම්බන්ධව සිදු වූ අරගලයක්‌ සංසිඳුවීම සඳහා ය. ඒ චූලෝදර, මහෝදර යන නා රජුන් අතර මැණික්‌ එබ්බ වූ පුටුවක්‌ අරභයා වූ සටනක්‌ හේතුවෙනි. බෞද්ධ සාහිත්‍යයේ තවදුරටත් මැණික්‌ සම්බන්ධ වූ විවිධ සිදුවීම් හඳුනාගත හැකිය.

මහා භාරතේ එන සිදුවීමකට අනුව ලංකාවේ රජු වූ විභීෂණ විසින් යුධීෂ්ධීර රාජයාට පුද පඬුරු වශයෙන් ඉතා වටිනා මුතු මැණික්‌ රාශියක්‌ යවා තිබේ.

මහා වංශයට අනුව විජය රජුට ඉන්දියාවේ මධුරාපුරයෙන් කුමාරියක්‌ ගෙන්වා ගැනීමේදී අගනා මුතු මැණික්‌ තුටු පඬුරු වශයෙන් යවා තිබේ. එසේම දේවානම්පියතිස්‌ස රජු ද අශෝක රජතුමා වෙත ඉන්ද්‍රනීල, වෛදුර්ය, රතුකැට වැනි විවිධ වර්ගවල මැණික්‌ තුටු පඬුරු වශයෙන් යවා තිබේ. මේ අනුව ලංකා ඉතිහාසයේ මුල් යුගයේ පටන් මැණික්‌ රාජකීයන්ගේ විවිධ කටයුතු සඳහා භාවිත කරන ලද බවට තොරතුරු හමුවෙයි. විශේෂයෙන් ම ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සැරසීමට හා භාණ්‌ඩාගාරවල ද මැණික්‌ බහුලව තිබෙන්නට ඇත. ක්‍රි. ව. 4 වැනි සියවසේ ලංකාවට පැමිණෙන ෆාහියන් භික්‍ෂුව විසින් ලංකාවේ මැණික්‌ පිළිබඳව තොරතුරු රාශියක්‌ සඳහන් කර තිබේ. උන්වහන්සේ ලංකාවේ දුටු මැණික්‌ එබ්බවූ බුදු පිළිම, මැණික්‌ වලින් අලංකාර කරන ලද දළදා මාලිගය ආදී තොරතුරු පිළිබඳව සඳහන් කරයි. හියුං සියැං හිමිගේ වාර්තාවල ද මැණික්‌ භාවිතය පිළිබඳ තොරතුරු සඳහන් වේ. මේ හැරුණු විට ලංකාවේ ශිලා ලේඛන වලද මැණික්‌ පිළිබඳව විවිධ තොරතුරු සඳහන් වේ. දෙවන සිරිනාග රජුගේ වෙස්‌සගිරි ශිලා ලිපියේ මැණික්‌කරුවන්ගේ ගමක්‌ පිළිබඳව (මණිකාරග්‍රාම) තොරතුරු සඳහන් වේ.

එම ලිපියට අනුව මණිකාර යනුවෙන් සඳහන් කර ඇත්තේ මැණික්‌ කපන්නා යන්නයි. මෙයට අමතරව මැණික්‌ සම්බන්ධ වූ විවිධ උපමාවලින් ශිලා ලේඛන රාශියකම හඳුනාගත හැකිය. සීගිරි කුරුටු ගී වලද මැණික්‌ වලින් සැදූ අංකුස (මිණි අකුසු) මාණික්‍ය කාන්තිය (මිණි කැල්ල) මැණික්‌ එබ්බ වූ කුණ්‌ඩලාභරණ (මිණි කොඩුළු) මිණි පහන් (මිණි විට්‌) ආදී සඳහන් හඳුනාගත හැකිය.

පුරාණ රජවරුන් තම ඇඳුම් පැළඳුම් අලංකාරවත් කර ගැනීම සඳහා මැණික්‌ බහුල වශයෙන් භාවිත කර තිබේ. රජුන්ගේ සිව් සැට ආභරණවලින් වැඩි ප්‍රමාණයක්‌ මැණික්‌ වලින් අලංකෘත වී ඇත. ඒ අතර ඔටුන්නට ලැබෙනුයේ සුවිශේෂ ස්‌ථානයකි. ඒ නිසා ලංකාවේ සෑම රජ කෙනෙක්‌ම තම ඔටුන්නට මැණික්‌ එබ්බ වූ බව නම් කිසිම සැකයක්‌ නැත. ලංකාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්න ද වර්තමානයේ අපට විද්‍යමාන වන එයට හොඳම උදාහරණයකි. දෙවන රාජසිංහ, විමලධර්මසූරිය ආදී රජුන්ගේ මැණික්‌ වලින් අලංකෘත ඔටුනු පිළිබඳ තොරතුරු සුලභය. සීගිරි සිතුවම් මගින් අපට පැහැදිලි වන්නේ අතීතයේ කාන්තාවන් මැණික්‌ ආභරණයක්‌ ලෙසට භාවිත කර ඇති බවයි. එසේම සීගිරියෙන් හමු වූ මැණික්‌ එබ්බ වූ කුණ්‌ඩලාභරණය අතීතයේ මැණික්‌ භාවිතය පිළිබඳ අපට ඇති හොඳම උදාහරණයකි. මෙම කුණ්‌ඩලාභරණයට විවිධ මැණික්‌ ගල් 15 පමණ අල්ලා තිබෙන්නට ඇති අතර එයින් කිහිපයක්‌ දැනටත් ඉතිරිව පවතී.

රත්නපුරයේ සමන් දේවාලය ද ඉදිවන්නේ මැණික්‌ සඳහා වූ භාරයක්‌ හේතුවෙනි. දඹදෙණිය යුගයේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ඇමැතියකු වූ ආර්යකාමදේවයන් තම රජුගේ ඇරයුමක්‌ පරිදි රත්නපුරයට පැමිණෙනුයේ මැණික්‌ ගැරීම සඳහා ය. එහිදී ඔහු තම අරමුණ ඉටු වුවහොත් සුමන සමන් දෙවියන් වෙනුවෙන් දේවාලයක්‌ තනන බවට බාර වී තිබේ. ඔහුගේ අරමුණ ඉටු වීමෙන් පසු තම භාරය ඔප්පු කරනු වස්‌ සමන් දේවාලය එම භූමියේ ගොඩ නංවා ඇත. මේ නිසා එම යුගයේදී මැණික්‌ ගැරීම සම්බන්ධව රාජකීයයන්ගේ මැදිහත්වීම හඳුනාගත හැකිය.

මෙම කරුණු හැරුණු විට මැණික්‌ භාවිත කොට සිදු කරනු ලැබූ ආගමික නිර්මාණ රාශියක්‌ ද හඳුනාගත හැකිය. විශේෂයෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී ඒවායේ විවිධ අංගෝපාංග සඳහා මැණික්‌ භාවිත කර තිබේ. දෙවනපෑතිස්‌ රජතුමා විසින් නිර්මාණය කරන ලද ඌරුසිලා පටිමා නම් පිළිමයෙහි නෙත්වලට හතර වැනි සියවසේදී පමණ බුද්ධදාස රජතුමා විසින් මැණික්‌ ඔබ්බවා තිබේ. මේ අනුව ලක්‌දිව පැරැණි බුදුපිළිම රාශියකටම නෙත්වලට මැණික්‌ ගල් අල්වා තිබිණි. බොහෝ විට මෙම මාණික්‍ය අර්ධ මාණික්‍ය වශයෙන් හඳුනා ගත හැකිය. පිළිමවල නෙත්වලට පමණක්‌ නොව බුදු පිළිම වටා වූ රශ්මි මාලාවට ද මැණික්‌ ඔබ්බවා තිබේ. හතරවැනි උදය රජු නිර්මාණය කරන ලද එවැනි රැස්‌ වළල්ලක්‌ පිළිබඳ තොරතුරු මූලාශ්‍රවල සඳහන් වේ. විටෙක මේවායේ මාණික්‍ය පැහැර ගැනීම සඳහා සොර සතුරන් විසින් විවිධ හානි ද සිදු කර ඇත. දළදා මාලිගාවෙහි පලිඟු වලින් නිර්මාණය කරන ලද බුදු පිළිමයක්‌ ඇති බව ආනන්ද කුමාරස්‌වාමි මහතා සඳහන් කරයි. පැරැණි ස්‌ථූප ආකෘතියේ අංගයක්‌ වූ ඡත්‍රයන් හි අලංකාර කටයුතු සඳහා ද මැණික්‌ ඔබ්බවා තිබේ. එසේම සතුරන් විසින් ඒවා පැහැර ගැනීම සඳහා කරන ලද විනාශයන් පිළිබඳව තොරතුරු වංශ කථාවල සඳහන් වේ. විශේෂයෙන් ස්‌ථූපයන්ගේ කොත සඳහා භාවිත කරනු ලැබුයේ අර්ධ මාණික්‍යක්‌ වූ පළිඟු ගල් ය. තිස්‌සමහාරාමයේ යටාල දාගැබ් භූමියෙන් ද අර්ධ මාණික්‍යවලින්  නිර්මාණය කරන ලද කරඬු කිහිපයක්‌ හමු වූ බව හෙන්රි පාකර් සඳහන් කරයි. අස්‌ගිරියේ ඇති පළිඟු කරඬුවක්‌ පිළිබඳව ද කුමාරස්‌වාමි මහතා සඳහන් කරයි.

බුද්ධ ප්‍රතිමා හැරුණු විට බෝධිසත්ව ප්‍රතිමා සඳහා ද මැණික්‌ භාවිත කොට තිබේ. වෙහෙරගලින් හමු වූ ක්‍රි. ව. 8 වැනි සියවසට පමණ අයත් අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවේ මකූටයෙහි මැණික්‌ ඔබ්බවා තිබූ බව හඳුනාගත හැකිය. නමුත් අද එය විද්‍යමාන නොවේ.

මේ හැරණු විට පබළු නිර්මාණය සඳහා ද මැණික්‌ භාවිත කර තිබේ. ඒවා බොහෝ විට අර්ධ මාණික්‍ය වේ. කානීලියන්, ඇගේට්‌, අඹතෙස්‌ස වැනි අර්ධ මාණික්‍යවලින් සෑදූ පබළු පුරාවිද්‍යාත්මක කැණීම්වලින් ද හමුවී තිබේ. අර්ධ මාණික්‍යවලින් පමණක්‌ නොව මැණික්‌ භාවිත කිරීමෙන් ද පබළු නිර්මාණය කර තිබේ.

දළදා වහන්සේ දෙල්ගමුව රජමහා විහාරයේ තැම්පත් කොට තිබෙන අවස්‌ථාවේ කුරුවිට ප්‍රදේශයෙන් ලැබුණු විශාල නිල් මැණිකකින් ඒ සඳහා කොපුවක්‌ නිර්මාණය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එය සොරුන් පැහැර ගනී යෑයි බයට පත් රජයේ පසුව එය වැසී යන පරිදි ඇත් දළින් කොපුවක්‌ කළ බවට ද වැඩි දුරටත් එම ජනප්‍රවාදයේ සඳහන් වේ.

මැණික්‌ සම්බන්ධ වූ තවත් ජනප්‍රිය ජනප්‍රවාදයක්‌ අසන්නට ලැබේ. එනම් ලංකාවට මැණික්‌ ගැරීම පිණිස පැමිණි මුක්‌කරුන් නම් ජන කොට්‌ඨාසයක්‌ පිළිබඳවය. මොවුන් පැමිණි රට හෝ කාල සීමාව පිළිබඳව විවිධ මතවාද පවතී. (වැඩි පිළිගැනීම වන්නේ ඔවුන් ඉන්දියාවෙන් ආ බවට ය.) ඔවුන් ලංකාවට පැමිණ කතරගම දෙවියන්ට බාරයක්‌ වී තිබේ. එනම් ඔවුන්ට මැණික්‌ ලැබුණ හොත් ඉන් හතෙන් එකක කොටසක්‌ දෙවියන්ට ලබා දෙන බවටය. එවිට කතරගම දෙවියන් මැණික්‌ නැව් හතක්‌ ගැරීමට වරමක්‌ හා පාරා වළල්ලක්‌ ලබා දී තිබේ. පාරා වළල්ල උඩට විසි කළ විට එය රැඳෙනුයේ මැණික්‌ සහිත ස්‌ථානයකය. (මෙම මැණික්‌ ගැරීම අතරතුර මුක්‌කරුවෙකු මියගියහොත් ඔහුගේ මැණික්‌ කොටස හා මිනිය ඒ අසල වළදමා තිබේ. අදටත් එවැනි මුක්‌කරු සොහොන් අසල මැණික්‌ තිබෙන බවට බොහෝ දෙනා විශ්වාස කරයි.) අවසානයේ මොවුන් මැණික්‌ නැව් හතක්‌ ගරා තිබේ. එසේ ගරන අතරතුර ඔවුනට ලැබුණු කට්‌ට හා දොෂ සහිත ගල් වලින් එක්‌ නැවක්‌ පුරවා ඇත. පසුව එම නැව දෙවියන්ට පූජා කර ඇත. දෙවියන් රැවටීමට සිදුකළ එම ක්‍රියාවෙන් කතරගම දෙවියන් කෝපයට පත් වී තිබේ. මුරුක්‌කරුන් අනෙකුත් මැණික්‌ නැව් ද සමඟ මුහුදින් යන විට කෝප වූ දෙවියන් විශාල කුණාටුවක්‌ මවා පා ඔවුන් සමඟ නැව් හතම මුහුදුබත් කොට තිබේ.

ලංකාවේ පෘතුගීසි පාලන සමයේදී මැණික්‌ ගැරීම, විකිණිම, අයිතිය, රාජ්‍ය ආදායම පිළිබඳව ද තොරතුරු සඳහන් වේ. මෙම කාලයේදී ද සියලුම මැණික්‌ රාජ සන්තක වස්‌තුවක්‌ වී ඇත. ප්‍රධාන වශයෙන් මැණික්‌ ගැරීම සිදුකොට ඇත්තේ දෙනවකට අයත් ගම් කිහිපයකය. පුෂ්පරාග, වෛරෝඩී, පද්මරාග ආදී මැණික්‌ ඉන් ලැබී තිබේ. මැණික්‌ ගැරීම භාරව රජය විසින් පත් කරන ලද නිලධාරි මඬුල්ලක්‌ ද එම යුගයේදී හඳුනාගත හැකිය. එහි ප්‍රධානියා ආකර විදානේ නම් විය. ඔහුට සහායට මොහොට්‌ටාල කෙනෙකුත් සිටියේය. ඒ හැරුණු විට මැණික්‌ ගරන සෑම ගමකටම මුලාදෑනියෙක්‌, කනකපුල්ලේ කෙනෙක්‌ හා මැණික්‌ ගරන්නන් කිහිපදෙනෙක්‌ ද සිට ඇත. බොහෝ විට මැණික්‌ ගැරීම සිදුකොට ඇත්තේ ජනවාරි සිට අප්‍රේල් දක්‌වා කාලය තුළදී ය. මෙම යුගයේදී මැණික්‌ ගැරීමට අමතරව මැණික්‌ කැපීම ද සිදුකර තිබේ. ලංකාවේ හමු වූ මැණික්‌ විකුණන ලද්දේ ගෝවේදී හෝ කොචින්වලදී ය. එයින් ලැබෙන ආදායමින් තම යටත් විජිතවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම පෘතුගීසි පාලකයන්ගේ අරමුණ වීA තිබේ. 1634 දී පෘතුගීසීන් මැණික්‌ විකිණීමෙන් ලද ආදායම සෙරපිම් 300 කැයි පෘතුගීසි ලේඛනවල සඳහන් වේ.

කන්ද උඩරට රාජධානි සමයේදී මැණික්‌ භාවිතය පිළිබඳව තොරතුරු රාශියක්‌ සොයා ගත හැකිය. මැණික්‌ ගැරීම, අයිතිය, මැණික්‌ කැපීම, මැණික්‌ භාවිතය ඒ සම්බන්ධ නීති රීති මැණික්‌ වලින් කරන ලද ආභරණ ආගමික නිර්මාණ තුටු පඬුරු ආදී තොරතුරු දේශීය මෙන්ම විදේශිය රචකයන් විසින් ලියන ලද මූලාශ්‍රවල අන්තර්ගත වේ.

නුවර යුගයේදී මැණික්‌ ගැරීම සිදු කරන ලද්දේ රජුගේ අවසරය යටතේය. සියලුම මැණික්‌ රජු සතු විය. රජුගේ ඔටුන්න සිංහාසන, කඩුකස්‌ථාන ඇතුළු ස්‌වර්ණාභරණ මැණික්‌ වලින් අලංකෘත කොට තිබේ. ජෝන් ඩේව් සඳහන් කරන ආකාරයට රජුගේ ඔටුන්නට මරකත, රතු මැණික්‌, දියමන්ති ආදිය අල්වා අලංකෘත කර තිබේ. මේ හැරුණු විට ඔහු විසින් ලංකාවේ මැණික්‌ ලැබෙන ප්‍රදේශ, ලැබෙන මැණික්‌ වර්ග ආදිය පිළිබඳව තොරතුරු රාශියක්‌ දක්‌වා තිබේ. අඹතෙස්‌ත, රතු තිරුවාන, වෛරෝඩී, පුෂ්පරාග, තෝරමල්ලි, රඹහ, මාතර, දියමන්ති, පද්මරාග, කිරිංචි, නිල්මිණි, කොරන්ඩම්, ගෝමේද ආදී වටිනා මෙන්ම අර්ධ වශයෙන් වටිනා මැණික්‌ ලංකාවෙන් ලැබෙන බව ඔහු විසින් පෙන්වා දී තිබේ.

රජුගේ සිංහාසනය ද මැණික්‌ අල්ලා අලංකෘත කර ඇති බව ඩේව් දක්‌වා තිබේ. කුමාරස්‌වාමි මහතා දක්‌වා ඇති පරිදි එම විස්‌තරය මෙසේය. "මේ මැණික්‌ අතර පච්ච කිහිපයක්‌ ද වෙයි. උඩරට වැඩවල මා දැක ඇති පච්ච ගල් මෙපමණය. අනික්‌ ගල් වැඩි වශයෙන් අඹතෙස්‌ හා පලිඟුය........ කැපූ පලිඟු බෝල තුනක්‌ පුටු ඇන්දේ ඉහළ ඇත්තේය. "ආනන්ද කුමාරස්‌වාමි 2004 පිටුව 203)

මෙයට අමතරව රජුගේ සියලු ඇඳුම් පැළඳුම් ද මැණික්‌ වලින් අලංකාර කර ඇත. ජෝන් ඩේව් සඳහන් කරන ආකාරයට රජතුමා රාජ්‍ය මංගල උත්සවයේදී රක්‌ත මාණික්‍ය, මරකත, දියමන්ති යන ඒවායින් අලංකාරවත් ස්‌වර්ණ සන්නාහයකින් සැරසී සිටී. ඒ හැරුණු විට රජු විසින් මැණික්‌ අල්වා, සකස්‌ කරන ලද සෝළු ලීයක්‌ ද රැගෙන ගොස්‌ ඇත. ආභරණ සඳහා පමණක්‌ නොව කඩුකස්‌ථාන යුද්ධ රථ පවා අලංකාර කිරීම සඳහා මැණික්‌ වර්ග භාවිත කර ඇත. මේවා බොහෝ වශයෙන් අර්ධ වටිනාකමින් යුත් මැණික්‌ වන්නට ඇත.

මේ ආකාරයට රාජකීයයන් තමන්ට රිසි පරිදි මැණික්‌ බහුල ලෙස විවිධ කාර්යයන් සඳහා භාවිත කර තිබේ.

මැණික්‌ කැපීම ද නුවර යුගයේදී බහුල වශයෙන් සිදුකර තිබේ. එසේ කපා සකස්‌ කරගත් මැණික්‌ ආභරණ සඳහා භාවිත කර ඇත. මැණික්‌ කපන උපකරණය ඇත්දත් ලියවන්නන්ගේ ලියනකඳට සමාන ලියනකඳකින් යුක්‌ත බවත් නමුත් මෙය කරවන ලද්දේ දුන්නකින් බවත් කුමාරස්‌වාමි මහතා සඳහන් කරයි.

මෙම තොරතුරු හැරුණු විට උඩරට රජුන් විසින් තානාපතින් හා රජයේ දක්‍ෂ නිලධාරීන්ට මැණික්‌, මැණික්‌ යෙදූ ආභරණ ප්‍රදානයන් කිරීම සම්බන්ධව තොරතුරු ද දක්‌නට ලැබේ.

මේ ආකාරයට තොරතුරු සොයා බැලීමේදී පැහැදිලි වන්නේ මැණික්‌ කර්මාන්තය පුරාණයේ පටන් අද දක්‌වාම සිදු කෙරීගෙන යනු ලබන කර්මාන්තයක්‌ බවයි. රාජකීයන්ගේ හා ප්‍රභූන්ගේ ආභරණ මෙන්ම රාජකීය භාණ්‌ඩාගාරවල ද තුටු පඬුරු වශයෙන් ද ආගමික අංශය සඳහා ද අපනයනය කරනු ලැබූ ප්‍රධාන වෙළෙඳ ඒකකයක්‌ ලෙසට ද මැණික්‌ විශාල කාර්ය භාරයක්‌ ඉසුලූ බවයි. එමගින් එදා පටන් අද වන තෙක්‌ ලංකා මාතාවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක්‌ අත්පත් කර දී තිබේ. අතීතයේදී පමණක්‌ නොව වර්තමානයේදී ද පෙර අපර දෙදිග ලෝකයේ ලංකාව බැබළවීමට තරම් මෙම මාහාර්ඝ මැණික්‌ සමත් වී තිබේ.

ආශ්‍රිත ග්‍රන්ථ

01. කුමාරස්‌වාමි ආනන්ද . කේ. - 2004 මධ්‍යකාලීන සිංහල කලා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.

02. එල්ලාවල එච්. - 1964 පුරාණ ලංකාවේ සමාජ ඉතිහාසය, කොළඹ.

03. ආරියපාල එම්. බී. - 1962 මධ්‍ය කාලීන ලංකා සමාජය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, කොළඹ.

04 මහා වංශය - 1946 දේවරක්‍ෂිත බටුවන්තුඩාවේ හා ශ්‍රී සුමංගල හිමි. සංස්‌, රත්න ප්‍රකාශකයෝ - කොළඹ.
free web site traffic and promotion
9o4vlbE-O4QbtMbyb4kvEtDc7fk